ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
මොවුන් අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධ සිදුකරන පරීක්ෂණ සඳහා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 3 වැනිදා මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනාවට ලක්වූ මොවුනට එරෙහිව වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබිණි.



( ඡායාරූප - ඉෂාන් සංජීව )
COMMENTS
රනිල්ව අගමැති කමින් ඉවත් කරලා මහින්දව අගමැති කරපු ගමන්ම මේ පුද්ගලයාව නැවත ශ්‍රී ලන්කන් එකට පත් කලේ මේ සල්ලි වල බලය නිසයි.
කනකොට රස උනාට දිරවන්න ටිකක් අපහසුයි වගේ නේද මැඩම් ?
ඔය ගත්ත සල්ලි බෑ නොකියා අදාළ අයට දුන්නනම් ඉවරනේ. අපරාදේ තණ්හාවට තියාගන හිටියේ. ඕක එහෙම පිටින් අදාළ කණ්ඩායමට දීලා දැම්මනම් ඉවරනේ.
වේදිකා නාටකයක්ද ? ෆිල්ම් එකක්ද ? කොටස් කියියක එකක්ද ? රටක් හැටියට අපි කොහෙද ඉන්නේ ? අනෙක් රටවල් මොනා හිතනවා ඇතිද ලංකාවේ දුෂණ ගැන ? අපි ඉස්සර ලෝකෙට ආදර්ශමත් රටක් අද ? මගේ රට විනාශ කල සියලු පාලකයින්ට ලබන ආත්මෙදිවත් දඩුවම් ලැබනු ඇත.
මුලින් අත්අඩංගුවට අරන් ඊළඟට හිරේ දාලා පස්සේ පරීක්ෂණ පටන් අරන් ඊටත් පස්සේ නඩුව අහන වහල් ආණ්ඩුව හඳුන්වා දීපු ක්‍රමය තාම වෙනස් වෙලා නැත්ද?
ඔක්කොම හොරුන් මේ විදියට නීතිය හමුවට පමුණුවන්න මේ වගේ හදිස්සියක් නැත්තේ ඇයි කියන එකයි අපිට තියෙන ප්‍රස්නේ.
රට පැන්න කෙනාද මේ.
චම්පා මේ ආණ්ඩුවත් ඔයා කියන වහල් ආණ්ඩුවේම දිගුවක්. වෙනසක් බලාපොරොත්තු වෙනවානම් අපි මෝඩයෝ. .
ආයුබෝවන් !! දැන් දවස් දෙක තුනක් කොහෙද හැංගිලා හිටියේ? කමක් නැහැ එලියට ආවනේ. හැබැයි ටික දවසකින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙයිද දන්නේ නැහැ.
හොඳ දෙය අගය කරන්න. මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම අගය කරන්න ඕනේ. මෙය තනිවම ජනපතිට කරන්න බැහැ. පාර්ලිමේන්තුවට දුෂිතයන් යැවීම දැන්වත් නවත්වමු. මීලග ජන්දෙදි හොද වැදගත් , උගත් මිනිසුන් හැකිතරම් පාර්ලිමේන්තුවට යවමු.
කිසිදෙයකට බියවිය යුතු නැත. සුනාමි හොරු, මිග් හොරු, සිරිලිය හොරු සේම ඔබ දෙපළද සමස්ත හොර නඩය විසින් ඉතා නිරුපද්‍රිතව බේරාගෙන ඇත. අද හෝ හෙට රටේ ඉහළම රෝහලක සියලු පහසුකම් සහිතව රක්ෂිත බන්ධනාගාරගත විය හැකිය. බොහෝ විට එම බිලද ජනාදිපති අරමුදලින් පියවනු ඇත.
අපෝ මේවා රඟපෑම් විතරයි. මොන පක්ෂෙන් ආවත් හොරු ඔක්කොම එකම සමාගමක ඉන්නේ.
මහා ලොකුවට නඩු ඇහුවට මේ සල්ලි කා අතරද බෙදුනේ කියලා රටේ වැඩි දෙනෙක් දන්නවා. අප්පච්චියි ලොකු පුතයි මෙයාව කොහොමහරි බේරනවා.
අපි අතේ තියෙන තුට්ටු දෙකත් සුනාමියෙන් විපතට පත් මිනිස්සුන්ට දෙනකොට කෙනෙක් ඒ අයට ලැබුන ආධාර මුදලත් හොරකම් කළා.
හොරුන්ගෙත් හොරා.... කම්බා හොරා තමයි සුනාමි හොරා.
ලංකා ඉතිහාසයේ කාන්තාවක් ලබාගත් ලොකුම අල්ල්ලස. ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මුළු මුදල ලක්ෂ 28,800. ලෝක වාර්තාවක්.
අපේ රටේ නුගත් දේශපාලුවෝ ඉන්නකම් රට විනාශ වෙනවා මිසක් දියුණුවක් වෙන්නේ කොහොමද ? ශ්‍රී ලංකාව නැති වෙන්නේ මාටියා ගහන නිසා. මේ ආයතනයේ සභාපති විය යුත්තේ උගත් aircraft ඉංජිනේරුවෙක්. ඔහුට තේරෙනවා ඇතුළේ අඩුපාඩු. මුලින්ම ඉන්න හොරු එළවන්න ඕනේ.
දුප්පත් රටේ මහජන මුදල් හොරකම් කරලා මන්දිර කීපයක් මිලට අරන් සුර සැප විඳින්නේ අපායට යන්නට පෙරයි. මේ අය මාංචු දාගෙන ඉන්න හැටි බලන්න ආසා හිතෙනවා. ලංකාවට මහා පරිමාණ හොරුන්ගෙන් ගැලවීමක් නැහැ. ඔවුන් රටේ සියල්ල හූරාගෙන තමන්ගේ පවුල පෝසත් කරනවා. රට ඉවරයි...