(නිමල කොඩිතුවක්කු)

විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිගින් දිගටම විදුලිය විසන්ධි වීමෙන් ජනතාව දුෂ්කර තත්ත්වයට පත්වීමට විරෝධය පළ කරමින් අත්තනායක මහතා මෙම කුප්පි ලාම්පු රැගෙන එනු ලැබීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

කුප්පි ලාම්පුවක් දල්වා සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුව කැඳවා තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.