(ඉන්දිකා රාමනායක)
මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයකුගෙන් 80.000 ක් සහ හලාවත ප්‍රදේශයේ කන්තාවකගෙන් රුපියල් 15000 ක කප්පම් මුදලක් ඉල්ලා සිටී සිටි හමුදා සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මත්කුඩු ජාවාරම දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය නම් මෙම මුදල ලබා දෙන ලෙසට මොවුන් ඉල්ලා සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි
හලාවත ප්‍රදේශය කාන්තාවගෙන් ඊයේ (21) දිනයේ මෙම මුදල ඉල්ලා ඇති අතර ඇය පොලිසියට කළ දැනුම්දීමක් මත මුදල් ලබා ගැනීමට පැමිණ සිටි සැකකාර හමුදා සෙබළුන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
මීගමුව ප්‍රදේශය පදිංචි පුද්ගලයාගෙන් මීට දින කිහිපයකට පෙර කිසියම් පුද්ගලයෙකු රුපියල් 80.000ක මුදල ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා අනෙක් හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන තිබුණේ.
සැකකාර හමුදා සෙබලුන් තිදෙනා සම්බන්ධයෙන් යුද හමුදාව ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පරීක්ෂණවලින් අනතුරුව මොවුන් හමුදා සේවයෙන් නෙරපා හැරීමට ක්‍රියා කරන බවත් යුද හමුදාව දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
229
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කප්පම් ගන්න ගිය හමුදා සෙබළු තුනක් මාට්ටු