ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය19 වන වරටත් සංවිධානය කළ "කන්ස්ට්‍රක්ට් 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි.
ප්‍රදර්ශනය අගෝස්තු 23, 24 හා 25 යන දිනවල දී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි, කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක, ආසියානු සහ බටහිර පැසිෆික් ඉදිකිරීම් සංගමයේ සභාපති මොහොමඞ් අලි, ඇලුමෙක්ස් ඡඛක් කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



(මනෝජ් හර්ෂික)







(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
බලන්න කොයිතරම් වේගෙන් දියුණුව කර යන රටක්ද කියල? අපු කට්ටියගේ පොල්බෑ මුණු ටිකයි, පස්සෙන්ගිය උන්ගේ නම් වැලයි ඇරුනාම ප්‍රදර්ශනේ ගැන හාන්කවිසියක්වත් දැනගන්න විදියක් නැහැනේ? ප්‍රදර්ශනේ ගැන නොකියම ඉතුරු ටික දැම්මනම් හොඳටම ඇති නේද?
ග්‍රාමසේවක කෙනෙකුයි, බස් කොන්දොස්තරවරයෙකුයි සිවිල් ඉංජිනේරු ප්‍රදර්ශනයක් විවෘතකළ ලෝකයේ එකම රට ලංකාවයි. 'ඉන්න හිතෙන රටක්...'