(අමදෝරු අමරජීව)
කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා රක්ෂිතයේ පිළිම ගෙයි කැණීම්වලින් ක්‍රි. පූ. 3 හා 4 සියවස්වලට අයත් යැයි සැක කරන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කොටස් තුනකට කැඩි ඇති මෙම සෙල්ලිපියේ එක් කොටසක් පුරාවිද්‍යා විද්‍යා භූමියට අයත් සීමාවට පිටතින් සොයාගෙන ඇත. ඉතිරි කොටස් පිළිම ගෙය අතර තිබී සොයාගත් බව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්. එච්. ඒ. සුමනදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සෙල්ලිපි අංශයට මෙම සෙල්ලිපිය පිටපත් කර යොමු කිරීමෙන් පසු එයින් ප්‍රකාශ වන්නේ රජ කෙනෙකු ඉදිකළ කූර වැව, මරුද වැව, කලා වැව, පාල වැව යන වැව්වලින් ලැබෙන දිය බද්ද මෙම ස්ථානයේ සංඝයා වෙත පූජා කළ බවයි.
දැනට ඒ අසළ කැණීම් කර ඇති දාගැබ හා කැණීම් කරමින් සිටින පිළිමගෙයට අමතරව උණුදිය ළිං අතර සංඝයා වහන්සේලාගේ ආරාමයක් තිබූ බව සාක්ෂි සහිතව තහවුරු වන බවත් මෙම ආරාමය සොයා කැණීම් කරන බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
මටනම් මේක ග්‍රීක් වගේ පෙන්නේ. ග්‍රීක ශිෂ්ඨාචාරයට පරණ නෑ කමක්වත් තිබුනද?
වෙන්න බැහැ ඕවට තනි අයිතිය තියෙන අය ඉන්නවා.
මුස්ලිම්වරු කොච්චර දැගලුවත් මේ රටේ බෞද්ධ උරුමය අයින් කරන්න බැහැ. කොතන හැරුවත් සාක්ෂි දරන්නේ බෞද්ධ උරුමයටයි. මේ උරුමය රැකගන්න ඕනේ සිංහල ජනයා විතරක් නෙමේ අනෙක් සියලු ශ්‍රී ලංකික ජනයා මේක රැක ගන්න ඕනේ.. අපේ ඉතිහාසය සහ උරුමය. අවුරුදු 5000 එහා ගිය දියුණු ඉතිහාසයක් ඇති අපි අද අසරණවෙලා ඉන්නේ අපි කවුද කියන එක අපි නොදන්නා නිසා..
අවට සිංහල ගම්මාන කිහිපයකුත් සමගින් ඔය රක්ෂිතයේ ආරාම කිහිපයක් හදලා සංඝයා වහන්සේලාට පුජා කරන්න. ඉස්සර ඉදල තියනවා දැන් නැත්නම් වැඩක් නැහැනේ.
රජ දවස දීප ව්‍යාප්තව ආරාම දාගැබ හැදුවට අද එසේකරන්නට සිංහලයට ඉඩක් නැත. ඒවාට පැමිණෙන්නට තරම් සඟ රුවනක් ද නැත .