IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කින්නියා ප‍්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම නොකළ යුතුයි

(ඩයනා උදයංගනී)

ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම  කිසිසේත්ම නොකළ යුතු බවට දක්වමින් එය අධි ආරක්‍ෂිත හා සංරක්‍ෂණ කලාපයක් ලෙස නම් කර ඇතත් එම ප‍්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් බහුල වශයෙන් සිදුකෙරෙන බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.


 එබැවින් කින්නියා කන්දල්කාඩුල සාවාරු ආදී ප‍්‍රදේශවල නිරන්තරයෙන් වැටලීම් සිදුකරන බව කී සභාපතිවරයා ඒ සඳහා කාර්යාංශයේ ප‍්‍රමාණවත් ක්ෂේත්‍ර නිලධාරීන් නොමැති බැවින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ත‍්‍රිවිධ හමුදාල පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ සහයෝගය ලබාගන්නා බව ද සඳහන් කළේය.

ත‍්‍රිකුණාමලයල කින්නියාල කන්දල්කාඩු ප‍්‍රදේශයේ දී නාවික හමුදාව විසින් අද(30)   සිදුකළ වැටලීම ද එලෙස කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාවේ සහය ලබාගෙන ක‍්‍රියාත්මක කළ එකක් බව සභාපතිවරයා සඳහන් කළේය.


 එම ප‍්‍රදේශයෙන් තව දුරටත් වැලි ගොඩදැමීම් සිදුකළහොත් ගගෙහි ඉවුරු ඛාදනය වී ගඟ පළල් වීමේ සහ මුහුදු ජලය ගං`ගාවට එක්වීමේ අවදානමක් පවතින බව ද ඉද්දවෙල මහතා කීවේය'


එසේ වුවහොත් මූතූර්වලට ජලය දෙන පොම්පාගාරයට ජලය ලබාගැනීමේ ගැටලූවක් මතුවන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.


 සභාපතිවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි


 ත‍්‍රිකුණාමලයට අමතරව මහියංගණය හා පොළොන්නරුව ප‍්‍රදේශවලද මහවැලි ගඟ ආශ‍්‍රිත වැලි ගොඩදැමීම් බහුල වශයෙන් සිදුවන බව හෙතෙම සඳහන් කළේය.

කින්නියාහි අනවසර වැලි ගොඩදැමීම් සිදුකෙරෙන ප‍්‍රදේශ වනාන්තරවලින් ආවරණය වී ඇති නිසා කාර්යාංශ නිලධාරීන්ට තනිව එම කටයුතු කළ නොහැකි බව කී අසේල ඉද්දවෙල මහතා ඉතා සැලසුම් සහගත ජාවාරමක් ලෙස මෙය සිදුවන බැවින් නිලධාරීන් වැටලීම්වලට යන අවස්ථාවේදී ඔත්තුකරුවන් අදාළ ස්ථානවලට පණිවුඩ ලබාදී වැලි ගොඩදැමීම්වල නිරත වූවන් ඉවත් කරවීමට කටයුතු කරන බව ද කීවේය.


රට පුරා වැටලීම් කිරීමට නම් කාර්යාංශයට ‍ෙක්‍ෂ්ත‍්‍ර නිලධාරීන් සහ සහයකයින් 300ක් පමණ අවශ්‍ය වුවත් දැනට සිටින්නේ 45ක් පමණ සුළු ප‍්‍රමාණයක් බව කී සභාපතිවරයා ඉදිරියේදී තවත් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
 



අදහස් (2)

කින්නියා ප‍්‍රදේශයෙන් මහවැලි ගඟෙහි වැලි ගොඩදැමීම නොකළ යුතුයි

shan saudi Wednesday, 30 January 2019 02:48 PM

නාවික හමුදාවට හා විශේෂ කාර්ය බලකායට එම ප‍්‍රදේශයේ මහවැලි ගඟ දිගේ නාවික බෝට්ටු යොදාගෙන මුර සංචාරයක් ඇතිකර වීම කළයුතුය. එවිට කිසිවෙකුට ගඟේ බැස වැලි ගොඩදැමීමට හෝ ඉවුරු කපා වැලි ගැනීමට නොහැකි වනු ඇත. නීති විරෝධී කටයුතු කරන අයට දුටු තැන වෙඩි තබන්න අවසර දිය යුතුය.. නැතිව මෙය පාලනය කළ නොහැක. මෙය ත‍්‍රිකුණාමලයට අමතරව මහියංගණය හා පොළොන්නරුව ප‍්‍රදේශවලද, පහළ ප්‍රදේශවලද අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය.

:       0       0

lanka Wednesday, 30 January 2019 03:25 PM

ගං ඉවුරුවල ඇති වැලි බෙහෙවින් භාවිතා කරන්නේ රටේ අනිකුත් ප්‍රදේශවල සිදුකරන ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් සඳහායි. වැලි ගැනීමට මේ ස්ථාන යෝග්‍ය නොවේ නම්, කළ යුත්තේ මිනිසුන්ට පහර දී පන්නා දැමීම නොව, වැලි ලබා ගැනීමට යෝග්‍ය තැනක් සොයා දීමයි. අනිත් විකල්පය නම් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ නැවැත්වීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site