
(ජයන්ත සමරකෝන්)
දැනට පුනරුත්ථාපනලාභීන් බාරනොගන්නා කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන මස මුල සිට නැවත ආරම්භ කරන බව කොමසාරිස් ජනරාල් කාර්යංශය පවසයි.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හා ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙන් අධිකරණ නියෝග මත පුනරුත්තාපනයට යොමු කෙරුණූ මත්ලෝලී රැඳවියන් බාරගැනීම පසුගිය ජුලි මාසයේ සිට නතර කර ඇතැයි එහි කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (11) පැවසීය.
දැනට කෝවිඩ් 19 ආසාදිතයින් 11 ක් එහි ප්‍රතිකාර ලබන බැවින් ඔවුන් පිටව ගිය පසු පුනරුත්ථාපනය සඳහා මත්ලෝලී රැඳවියන් බාරගන්නා බවද ඒ මහතා කීය.
මේ වන විට වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා මත්ලෝලීන් 899 ක් රඳවා ඇතැයි ද 2013 සිට මේ දක්වා 6000 කට අධික මත්ලෝලීන් පිරිසක් සමාජගත කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
කන්දකාඩු හා සේනපුර මත්ලෝලී රැඳවියන් පුනරුත්ථාපනය කරන දිවයිනේ එකවර 1000 ක් පුනරුත්ථාපනය කරන එකම මධ්‍යස්ථාන දෙක බවද එම කාර්යාංශය පවසයි.
2025 නොවැම්බර් මස 21
37
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කන්දකාඩුවට ලබන මස මුල සිට යළි පුනරුත්ථාපනලාභීන් බාර ගනී