(දයාරත්න ඇඹෝගම)
තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
වෑන් රථයේ පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් සොයාගෙන ඇත.
සැකකරුවන් අද(02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට පවතින වාතාවරණය අනුව මේ මිනිස්සුන් සුදු අඳුම් මිළදී ගන්නවානම් , ප්‍රවාහනය කරනවා නම් අති භයානකය.
චෙක් කිරීම් හොදයි. ඒත් නිමි ඇදුම් මහන මුස්ලිම් කෙනෙක් ඒ ඇදුම් ප්‍රවාහනය කරන්නේ කෙසේද? නිකන් හරි සුදු සායවල් මැහුවනම්, හිරේ ඉන්න වෙන්නෙ? ලගම තියෙන පොලිසියට ගිහින් අවසර අරගෙන මහන්න, ප්‍රවාහනය කරන්න වෙන්නෙ..
මම හිතනවා මීට වඩා ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන් දැනුවත් කල යුතුයි මොනවද නීති විරෝධී කියලා. කාන්තා සුදු ඇඳුම මුස්‌ලිම ජාතිකයන්ට මිලදී ගැනීම හෝ ප්‍රවාහනය තහනම් නම් ඒ බව ප්‍රසිද්ධ කල යුතුයි.
මේ අයට ඇප දීලා එලියට එවන්න කලින් හැම තොරතුරක්ම ගන්න ඕනෙ. ඒ සඳහා පොලිසියට උපරිම බලය පාවිච්චි කරන්න දෙන්න ඕනෙ. ඒ වගෙම මේවට සම්බන්ද ඉහළ තැන්වල ඉන්න උදවිය අල්ලගන්න බැරිනන් විසඳුමක් ගැන හිතන්න බෑ. බොහෝ විට මේ ත්‍රස්තවාදයට ඉතාම ඉහල තැන්වලින් රැකවරණය ලැබෙන බව පේනවා.
මේ යන විදිහට නම් සෑහෙන කාලයක් යාවී මේ අයව පරික්ෂ කරලා සුද්ධ කරන්න හැම කෙනා ගාවම මොකක් හරි තියෙනවානෙ. අනෙ අපිටත් කඩු දෙක ගානෙවත් බෙදා දෙන්නකෝ මේ අයගෙන් බෙරෙන්න. අපි ගාව තියෙන්නෙ කොස්ස විතරයි නෙව. ගයින්ඩර් නිසා මෝල් ගසුත් දැන් නැහැ ගෙවල් වල ...
ව්‍යාපාර කරන්න ගන්න ප්‍රමනයි, වෙන වැඩකට ගන්න ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියනවා. සුදු ඇදුම් 28 තිහාරියේ ඉදන් අනුරාධපුරයට පුද්ගලික වාහනයක රැගෙන ගොස් ව්‍යාපාර කරන්න යන්නේ නැහැ... මොකද මෙමගින් ලාබ ලැබිය නොහැකි නිසා...
මේ වෙලාවේ රටේ තියන තත්වේ ගැන හිතලා වැඩ කරන්න ඒ මිනිස්සු දැනගන්න ඕනේ. වෙසක් එකට පන්සල්වලත් අර වගේම විනාසයක් කරන්න හිතාගෙන ඇදුම් මිලදී ගත් බව රටම දන්නා රහසක්..
සුදු ඇඳුම් ඇඳීමට හෝ මැසීමට කිසිවෙකුට තහනමක් නැත. එව්වා ඇඳගෙන ඇවිත් අහිංසක මිනිසුන් මැද බෝම්බ පුපුරවා ගැනීමයි වැරදි. කිසිවෙකුට අවශ්‍ය නම් මේ මිනිසුන් නිවැරදි කරන්න කරුණාකර ළඟම ඇති ආරක්ෂක ස්ථානයකට ගොස් කරුණු පැහැදිලි කර ඔප්පු කර ඔවුන් නිදහස් කරගන්න.
ආරක්ෂක හමුදා පොලිසිය මෙවැනි සැක සහිත දේවල් විමර්ශනය කරන්නේ වඩාත් අවබෝධයකින්..... එත් සමහරු මේවා සමච්චලයට ලක්කරනවා..... එය රටේ පුරවැසියෝ ලෙස හොද වැඩක් නෙවෙයි..... මේ හැම දෙකටම අපේ සහයෝගය මෙන්ම මෙම නිලධාරීන් උද්යෝගමත් කල යුතුය....
සුදු සායවල් 28ක් පොහොර උරේක දාගෙන තිහාරියේ ඉදන් අනුරාධපුරේට අරන් යන්නෙ විකුණන්න නෙමෙයි කියලා..... සිගිති මොලේට තෙරෙන්නෙ නැද්ද? වෑන් එක පුරවලාම තිබුනේ ඇදුම්නම් ඔන්න හිතන්න තිබුණා.
සාප්පුවෙන් අලුතෙන්ම ගත්ත ඇඳුම් පෝර උරයක දාගෙන යන මෝඩයා කව්ද? කට්ටිය නිකන් අනම් මනම් කියවන්නෙ නැතුව රට මුහුණ පා සිටින මේ ගැටලුවට විසඳුමක් හොයන හැටි කතා කරමුද?
මේ සාය හැට්ට ගෙන්න ඇත්තේ අර රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙච්චි උදවිය සදහා වද්ද ? ගැමුණු කුමාරයත් තමන්ගේ පියාට ස්ත්‍රී ආභරණ යවපු රටේ ඕක මොකද්ද ?
අමි එකට බාර දුන්න නම් හරි............