IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොතලාවල සරසවි පනත ලබන 6 වැනිදා විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදය  ලබන අගෝස්තු මස 6 වැනිදා  පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

එම විවාදය ලබන 6 වැනිදා පැවැත්වෙන්නේ දෙවෙනි දිනයටය. විවාදය පළමුවරට පැවැත්වුණේ පසුගිය 9වැනිදා සිකුරාදාය.

එම පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව  විවාදයට ගැනීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් තීරණය කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුව ලබන මස මුල් සතියේ දින හතරක් රැස්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය .

මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් අගෝස්තු මස 3 වැනිදා සිට 6 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉකුත් 19 වැනිදා රැස් විය .

ශ්‍රී ලංකා මහ බැංකුවේ  2020 වසර සදහා වන  වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය  ලබන මස 3 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය .

එම විවාදය සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස එදින පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා  පැවැත්වෙනු ඇත.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය  අගෝස්තු මස 4 වෙනිදා පෙරවරුවේ 12.00සිට  පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙයට අමතරව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක්ද  එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව  මහ ලේකම්වරයා කීය.

ඉන්පසු  අගෝස්තු 05 වැනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ  විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ 2021 වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට නියමිතය.

සභාව කල් කල් තබන අවස්ථාවේ විවාදයක් ඉන්පසු  එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග  අගෝස්තු මස 6 වැනිදා විවාදයට ගැනීමට නියමිතය .

කල්තබන අවස්ථාවේ විවාදයක්ද එදින පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා

මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දින හතරේම  පෙරවරු 10.00 සිට 11.00 දක්වාවූ කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා  වෙන් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් කීය .

 

 



අදහස් (0)

කොතලාවල සරසවි පනත ලබන 6 වැනිදා විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site