බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමට සම්බන්ධ සිසුන් පස් දෙනෙකු අද (12) පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
එම සිසුන් අතර නීති පීඨයේ සිසුන් සිව් දෙනෙකු හා ඉංජිනේරු පීඨයේ සිසුවකු සිටින බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් තුවාල ලද දෙවැනි වසරේ සිසුන් තිදෙනාගෙන් එක් සිසුවකු අද (12) වන විටත් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අනුයුක්ත වේරහැර පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවසීය.
COMMENTS
හික්මීමක් නැති තැන හැදියාවක් නැත. හැදියාවක් නැති තැන විනයක් නැත. විනයක් නැත්තේ කොතනද එතන පැවැත්මකුත් නැත. අහිංසක දෙමව්පියන්ගේ මුදල් කාබාසිනියා කරන මේවගේ මෝඩ අයව පන්නා දමන මෙන් බලධාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත. හරි හැටි කරුණු, හේතූන් නොදැන අදහස් දැක්වීම නුසුදුසු බව මට හැගේ. නමුදු ඕනෑම දෙයක දෙපැත්තක් ඇති බව මගේ විශ්වාසයයි. ඔවුන්ද ශිෂ්‍යයන්ය මොවුන්ද ශිෂ්‍යයන්ය කවුරුන් හෝ හදිසි වූවා විය හැකිය දුරදිග නොසිතුවා විය හැකිය මන්දයත් ඔවුන් තාමත් තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බැවිනි. ඕනෑම කෙනෙක් අතින් වැරැද්දක් විය හැකි. වැඩිහිටියන් වශයෙන් ඔවුන්ට අවවාද කොට හදා ගැනීම විශ්ව විද්‍යාලයේ ගුරු මඩුල්ලේ සහ පාලන අධිකාරියේ කාර්ය භාර්යකි. කිසිම සිසුවෙකුගේ අනාගතය එක් වැරදීමක් (පෙර වැරදි නොමැති යැයි සිතා කියමි මන්දයත් මා ඔවුන් කිසිවෙක් නොහදුනන හෙයිනි) නිසා අදුරු වන්නට නොදෙනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි. මොවුන් සිසුන් දෙපිරිසක් බවත් ළමුන් බවත් කවුරුන් හෝ මවකගේ පුතෙක් දුවෙක් බවත් හිතැතිව යම් පියවරක් ගනු ඇතැයි සිතමි. ඔවුන්ගේ අනාගතය විනාශ කිරීම මීට විසදුමක් නොවන බවත් එසේ කළහොත් ඉන් සමාජයට අයහපතක්ම වන බවත් අත්දැකීමෙන්ම දනිමි, තරයේ විශ්වාස කරමි. ස්තූතියි!
ශ්‍රීමත් කොතලාවල මැතිතුමා ඔය ඉඩම දානයක් වශයෙන් රජයට දුන්නේ. අපේ අවාසනාවට එවැනි ජාතික වීරයන් නැති වුණා.