IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කොතලාවල ගැටුම ගැන සිසුන් 5 කගෙන් ප්‍රකාශ ගනී


 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමට සම්බන්ධ සිසුන් පස් දෙනෙකු අද (12) පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

එම සිසුන් අතර නීති පීඨයේ සිසුන් සිව් දෙනෙකු හා ඉංජිනේරු පීඨයේ සිසුවකු සිටින බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් තුවාල ලද දෙවැනි වසරේ සිසුන් තිදෙනාගෙන් එක් සිසුවකු අද (12) වන විටත් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අනුයුක්ත වේරහැර පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවසීය. 



අදහස් (5)

කොතලාවල ගැටුම ගැන සිසුන් 5 කගෙන් ප්‍රකාශ ගනී

Raveendra Tuesday, 12 February 2019 01:03 PM

හික්මීමක් නැති තැන හැදියාවක් නැත. හැදියාවක් නැති තැන විනයක් නැත. විනයක් නැත්තේ කොතනද එතන පැවැත්මකුත් නැත. අහිංසක දෙමව්පියන්ගේ මුදල් කාබාසිනියා කරන මේවගේ මෝඩ අයව පන්නා දමන මෙන් බලධාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       428       613

kamaniTuesday, 12 February 2019 05:48 PM

මෝඩ කතා කියන්නේ නැතිව ඉන්න

:       95       105

Ruwandi Tuesday, 12 February 2019 06:21 PM

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත. හරි හැටි කරුණු, හේතූන් නොදැන අදහස් දැක්වීම නුසුදුසු බව මට හැගේ. නමුදු ඕනෑම දෙයක දෙපැත්තක් ඇති බව මගේ විශ්වාසයයි. ඔවුන්ද ශිෂ්‍යයන්ය මොවුන්ද ශිෂ්‍යයන්ය කවුරුන් හෝ හදිසි වූවා විය හැකිය දුරදිග නොසිතුවා විය හැකිය මන්දයත් ඔවුන් තාමත් තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බැවිනි. ඕනෑම කෙනෙක් අතින් වැරැද්දක් විය හැකි. වැඩිහිටියන් වශයෙන් ඔවුන්ට අවවාද කොට හදා ගැනීම විශ්ව විද්‍යාලයේ ගුරු මඩුල්ලේ සහ පාලන අධිකාරියේ කාර්ය භාර්‍යකි. කිසිම සිසුවෙකුගේ අනාගතය එක් වැරදීමක් (පෙර වැරදි නොමැති යැයි සිතා කියමි මන්දයත් මා ඔවුන් කිසිවෙක් නොහදුනන හෙයිනි) නිසා අදුරු වන්නට නොදෙනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි. මොවුන් සිසුන් දෙපිරිසක් බවත් ළමුන් බවත් කවුරුන් හෝ මවකගේ පුතෙක් දුවෙක් බවත් හිතැතිව යම් පියවරක් ගනු ඇතැයි සිතමි. ඔවුන්ගේ අනාගතය විනාශ කිරීම මීට විසදුමක් නොවන බවත් එසේ කළහොත් ඉන් සමාජයට අයහපතක්ම වන බවත් අත්දැකීමෙන්ම දනිමි, තරයේ විශ්වාස කරමි. ස්තූතියි!

:       0       83

RaveendraWednesday, 13 February 2019 02:05 AM

රුවන්දි මහත්මිය/ මෙනෙවිය වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අප විස්වාස කරනවා මෙම දරුවන්ට ( මෙය එම දරුවන්ගේ ශිෂ්‍ය ජිවිතයේ පළමු සිදුවීමනම්) එසේ අවවාද කිරීම වඩාත් සුදුසු බව.නමුත් එසේ නොවේනම් පාලන අදිකාරිය අනාගතයේ මෙම ආයතනයේ මෙවැනි සිදුවීම් නොවීමට මොවුන්ට එසේ අවවාද කිරීම සුදුසුද යන්න දෙවරක් සිතිය යුතු බවට.

:       0       9

vidya Wednesday, 13 February 2019 06:55 AM

ශ්‍රීමත් කොතලාවල මැතිතුමා ඔය ඉඩම දානයක් වශයෙන් රජයට දුන්නේ. අපේ අවාසනාවට එවැනි ජාතික වීරයන් නැති වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 104 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 944 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site