(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස් පොලිස්පති විසින්  කොට්ඨාස භාර උසස් පොලිස්  නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවිඩයක් අද(24) සවස නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට සහ හෙට  දවස පුරා එම ආරක්ෂාව සපයන ලෙසත්  දේවස්ථාන භාර පියතුමන් , පූජකතුමන් සම්බන්ධීකරණයෙන්  එම ආරක්ෂාව සපයන ලෙස  දැනුම් දුන් බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.