
(කේ ඩි දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 05 වැනි පෙරහැර මංගල්‍ය හෙට රාත්‍රි 7.23ට කඳ කුමරුන් වැඩමවා ගෙන වීදි සංචාරය කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගූණසේකර මහතා පවසයි.
මෙම පෙරහැර මංගල්‍ය නැටුම් කණ්ඩායම් 05ක් හා අලි අතුන් 04 දෙනකුගේ එක් කර ගැනීමකින් පුඳ චාරිත්‍ර වලට පමණක් මුල් තැන දෙමින් පෙරහැර මහා දේවායෙන් පසුගිය 12 වැනි දා ආරම්භ වී පිට වීදිය ඔස්සේ වල්ලිී අම්මා දේවාලය වෙත පැමිණ දුටුගැමුණු මහා රජතුමා විසින් නියම කළ චාරිත්‍ර ඉටු කරමින් පසුව මහාවීදිය ඔස්සේ මහා දේවාලයට නැවත පෙරහැර පැමිණ ගෙවිදිණි.
ගිනි පැගීමේ චාරිත්‍රය 21 වැනි දින අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් උදැසන පැවැත්වීමට නියමිතවේ අවසන් මහා පෙරහර ලබන 23 වැනි දින පවත්වා 24 වැනි දින මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුව ආවරණ වලින් මුව වසා දේව කන්නලව් කිරීම සහ දෙවියන් යැදීම හෙවත් විද්‍යාවෙන් වැසුණු අවිද්‍යාව...