(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් ඉවත් කළ බවට නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ කිසිවක් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී.පෙරේරා මහතා කොළඹ දී අද (30) පැවසීය.
තමන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන ඉවත් කළ බවට දැනගත්තේ මාධ්‍ය මගින් බවත් ඒ පුවත හැර ඒ සම්බන්ධයෙන් වෙන කිසිවක් නොදන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් එලෙස ඉවත් කිරිමට කිසිඳු හේතුවක් නොමැති බවද කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරේරා මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි, තව කියන්න කෘත්‍යාධිකාරී මණ්ඩලේ කියන්නේ මොකේටද? එහෙම දෙයක් ගැන මෙලෝ දෙයක් මතකත් නෑ කියලා. අයියෝ ඕවා අපි කියාදෙන්න ඕනෑද?
සමන්ත, මේ තමයි ඊයේ පෙරේදා එක්සත් ජාතික පක්ෂයට ඇවිත් පක්ෂේ නැති කරන්න හදපු බුරුවෝ. මේ වගේ අය එළවන්න ඕනේ. ඒකේ ආයේ දෙකක් නෑ.
ඕකට ලියකියවිලි අවශ්‍ය නැහැ... මේ සැරේ පත්කළේ නැතිනම් ඉවත්කරලා දැනගන්න. මොකද බලෙන් ගිහිල්ලා වාඩිවෙන්න පුළුවන්ද?
ඇඩ්රස් එක පිටේ තිබ්බා නම් බලලා ලියුම එවන්න තිබුණා...
කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළාට පසු නැවත නොගන්නා බව මේ අය දන්නේ නැතුව ඇති. රනිල් මහත්තයා ඕවා කරන්නේ හොදට හිතලා බලලා. ඉවත් කළාට පස්සේ නැවත හිතන්න දෙයක් රනිල් මහත්තයට නැහැ. මේ අයගේ පාසල් අවදියේදී රනිල් නීති විදුහලෙනුත් පිටවෙලා ඇමතිවෙලත් හිටියේ. ජනාධිපතිවරු අගමැතිවරු කීපදෙනෙක් එක්ක වැඩකරලා හොද පළපුරුද්දක් තියෙනවා. ඕනවට වඩා කට මැත දොඩවන්න ගියොත් ඔය තියෙන ටිකත් නැතිවේවි. ඒ හින්දා පරෙස්සමෙන්.