(කේ. බුද්ධික කුමාරසිරි)
දොම්පේ පහුරුවෙල මාර්ගයේ වෙල් යායක් අසළ සායනික අපද්‍රව්‍ය තොගයක් දමා ගිය පිය පුතු දෙපළක් ලවාම එම අපද්‍රව්‍ය තොගය යළි වෙනත් ස්ථානයකට රැගෙන යාමට අද(04) අවශ්‍ය කටයුතු කළ බව දොම්පේ පොලීසිය කියයි.
මෙම පිය පුතු දෙදෙනා අද (04) ටිපර් රියකින් පැමිණ දොම්පේ සිට මල්වාන දක්වා දිවෙන ජනරාල් හැමිල්ටන් වනසිංහ මාවතේ පහුරුවෙල වෙල්යාය අසලට අපද්‍රව්‍ය තොගය බැහැර කර ගිනි තැබීමට උත්සාහ කර තිබේ. එය දුටු ප්‍රදේශවාසියකු පැමිණ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් එම ස්ථානයෙන් බැරව ගොස් ඇති අතර අනතුරුව ප්‍රදේශවාසියා විසින් මේ පිළිබඳව පොලීසිය දැනුම් දී තිබේ.
වහා ක්‍රියාත්මක වූ පොලීසිය රුවන්වැල්ල, අමිතිරිගල ප‍්‍රදේශයේදී ඔවුන් දෙදනා අත්අඩංගුවට ගෙන ඔවුන් දෙදෙනා ලවාම එම අපද්‍රව්‍ය ඉවත් කරවීමට කටයුතු කළ බව දොම්පේ පොලිසිය සඳහන් කළේය.
අපද්‍රව්‍ය තොගය කොළෙ, මාලිගාවත්ත වකුගඩු ඒකකයේ සිට කෑගල්ල ප‍්‍රදේශයට බාර දීම සදහා රැගෙන යන අතරතුර මේ අයුරින් මහ මග දමා ගොස් ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අපද්‍රව්‍ය අතර ප්ලාස්ටර්, සේලයින් කටු, බෝතල් සහ සායනික පිහිතල ආදිය ඇතැයි ද පොලිසිය කියයි.
මාර්ගයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන අනුව පලා ගිය ටිපර් රථය හඳුනා ගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සායනික අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්කරුවකුගේ නියෝගය මත මහ මග අතහැර ගොස් ඇති බවද අනාවරණය වී ඇත.
සැකකාර පියපුතු දෙපල හෙට (05) පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද දොම්පේ පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දඩයක් ගහන්න ඕනේ ...
මේ කුණු මේ තාත්තගෙයි, පුතාගෙයි නොවන බව සහතිකයි. ඒ නිසා ඒවා දුන්නු පිරිස් ගැන පරික්ෂණයක් කළොත් හොඳයි.
අනිවාර්යයෙන්ම මේ පිටුපස දේශපාලුවෙක් සිටීමේ සම්භාවිතාව වැඩියි. ලංකාවේ ටිපර්රථ වලින් වැඩිම ප්‍රමාණයක් අයත්වන්නේ දේශපාලුවන්ටයි. එ්ක නිසා තමයි ටිපර්රථ පදවන "මාරයෝ" මහමග මිනී මරන්නේ... මොකද දේශපාලුවා ඇවිත් මාරයාව ඇප දීලා බේරාගන්නවා. ඔය අපද්‍රව්‍ය ඔක්කොම ටිපර් අයිතිකාරයාගේ ගෙදරට ගෙනගොස්.. මීට සම්බන්ධ කට්ටියටම "කැවිය" යුතුයි.
මෙය රටේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන බරපතල සිදුවීමක්. මේ පිළිබඳව දීර්ඝව සොයාබැලිය යුතුයි. "..වකුගඩු ඒකකයේ සිට කෑගල්ල ප‍්‍රදේශයට බාර දීම සඳහ රැගෙන යන අතරතුර.." මොවුන් මේවා කෑගල්ලට ගෙනගොස් සිදුකිරීමට අදහස් කලේ කුමක්ද? ගඟකට, ඇලකට, දොලකට අතහරින්නද? "මෙම සායනික අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්කරුවකුගේ නියෝගය මත මහමග අතහැර ගොස් ඇති බවද..?" මෙම කොන්ත්‍රාත්කරු එම රෝහලේ අපද්‍රව්‍ය ඉවත ගෙනයන කොන්ත්‍රාත්කරුවකු විය යුතුයි. මොහු කොන්ත්‍රාත් එක භාරගෙන ඇත්තේ මේවා බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයකට එකඟ වීමේ පදනම මත විය යුතුයි. මෙය නිසි පරිදි කෙරෙනවාද යන්න නියාමනය කිරීමේ වගකීම ඇත්තේ කාටද? එය නිසි ලෙස නොකර ඇත්තේ මන්ද? "සන්තෝසමක්" ලබාගෙන ඔවුන් අහක බලාගෙන සිටියාද? පොලිසිය මේ ගැන නිසි පරිදි පරීක්ෂණයක් කළ යුතුයි. උසාවියට ඉදිරිපත් කර, උපරිම දඬුවම් දිය යුතුයි. අනෙකුත් රෝහල් වලද, මීට සමාන සිද්ධි වෙනවාදැයි පොලිසියත්, සෞඛ්‍ය බලධාරීනුත් වහාම සොයා බැලිය යුතුයි.
ගුඩ් වර්ක්... වෙල් ඩන්..
මේ දෙන්නා සායනික අපද්‍රව්‍ය ගැන දන්නේ නෑ. අඩුම ගානේ අත් වැස්මක් නැතුව මේව අතපත ගාන්න.. මේ දේවල්වල මොනතරම් විෂබීජ ඇතිද..? ලේ ගෑවුණු කටු, පිහි තල මෙතන තියෙන්න පුළුවන්.. මෝඩ මිනිස්සු.. දියුණු රටවල්වල මේ දේවල් බැහැර කිරීම ඉතා පරිස්සමින් කරන්නේ.. අපි ඉතින් තාම නොදියුණු ගෝත්‍රිකයින්නේ...
නියමයි .. හොඳ වැඩේ අප්පටයි පුතාටයි..
අප්පවයි, පුතයි අල්ලලා හරියන්නේ නැහැ. මේකට අල්වා ගන්නට ඕනේ නියෝග දුන් අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්කරුවාවයි.
පිය පුතු දෙපළට විතරක් දඩගහලා වැඩක් නැහැ. කොන්ත්‍රාත්කාරයාටත් දඩ ගහන්න ඕනෑ.
අහන්න බැරි අයට දැනෙන්න ඕනේ..
මෙහෙම මිනිස්සු ඉන්න රටක් කොහොමද දියුණු කරන්නේ? මේක නම් ශ්‍රී ලාංකික ජානවල ප්‍රශ්නයක්...
රජය මගින් විසඳිය යුතු ප්‍රශ්න, කොන්ත්‍රාත් ක්‍රමයට විසඳන්න ගියහම මෙහෙම වෙනවා... ප්‍රතිපත්ති, සැලසුම්, ක්‍රියාත්මක කිරීම රජය මගින් සිදු කිරීමට නොහැකි බව මෙතෙක් කල් පාලනය කල රජයන් විසින් ඔප්පුකර ඇති බව පෙනෙනවා...වෙනස් විය යුතුයි ඉතා ඉක්මනින් මේ යන ක්‍රමය..