ඔගස්ටින් ප්‍රනාන්දු    
 
බසයක ගැටී කඩා වැටුණු තාප්පයකට යටවි අද (9) පස්වරු සිදු වූ අනතුරකින්   බරපතල තුවාල ලද දෘශ්‍යාබාධිතයින් 11 දෙනෙකු  හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය කියයි. 

හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ වෙරළාසන්න උත්සව ශාලවක පැවැති උත්සවයකට විවිධ ප්‍රදේශවලින් පැමිණි දෘශ්‍යාබාධිතයින් එක්වි ඇති අතර  ඔවුන් එම උත්සවය අවසන් කර සිය නිවෙස්  බලා යාම පිණිස සුදානමින් එම උත්සව ශාලාව ඉදිරිපස රැදි සිටි බවත් පොලිසිය කියයි.

එම අවස්ථාවේ දි ඔවුන් රැගෙන යාමට පැමිණි පෞද්ගලික බසය ආපසු යාමට හැරවීමට යාමේ දි පුවරුවක් සවි කර තිබු තාප්පයක වැදි  එම තාප්පය කබා වැටි අසල රැදි සිටි දෘශ්‍යාබාධිකයින්  යටවිමෙන් තුවාල ඇති බව පොලිසිය පවසයි.