(ඉන්දිකා රාමනායක)

පෑලියගොඩ නවලෝක ප්‍රදේශයේ දී රුපියල් කෝටියක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් 79.000 ට ආසන්න මුදලක් සමග සැකකරුවෙක් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක ප්‍රමාණයක් සහ එම ජාවාරමෙන් උපයා ගත් මුදල් අත්අඩංගුවට ගෙන තිබේ .

අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි පුද්ගලයෙකි