(මනෝප‍්‍රිය ගුණසේකර)
අපරාධ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඩුවම් නියම කරන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මත්ද්‍රව්‍ය අපරාධයන් සම්බන්ධයෙන් පෙර වැරදි නවයක් ඇති පුද්ගලයකු වන දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචි නිරංජන් කුමාර නමැත්තාටය.
2012 මාර්තු මස 3 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ග්‍රෑම් 3.44 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමකදී මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කර ඇති බවත් ඒ අවස්ථාවේ විත්තිකරු සුක්‍ෂම අන්දමින් මෙම හෙරොයින් තොගය සඟවාගෙන සිටියදී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බවත් නඩු විභාගයේ දී හෙළි විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජිවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුඩු ජාවාරම්කරුවෙක් ජීවිතාන්තය තෙක් හිරේට
wedage Wednesday, 28 August 2019 11:20 AM
මරණ දඬුවම දෙන්න කුඩු ග්‍රෑම් 2ක් තිබුණත් ඇති...
Nuwan Wednesday, 28 August 2019 11:45 AM
අච්චර දඟලලා ලෝකෙට බෙර ගහලා ගෙනාපු කංජිපානිට අවුරුදු 6?