IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කඩ කැඩූ කුඩ්ඩෝ දෙකක් මාට්ටු

(දිලංගා ගෝමස්)

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ රත්මලාන බෙලෙක් කඩේ හංදියේ පිහිටි තොග වෙළෙද සැලක් බිද රුපියල් ලක්ෂ දහයකට වඩා වටිනා සොරා ගන්නා ලද භාණ්ඩ කුළියට ලබා ගත් වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් යොදා ගනිමින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

සොරා ගන්නා ලද භාණ්ඩ අතර සහල් , පරිප්පු , සැමන් , බීම බොතල් , නුඩ්ල්ස් පැකට් , ධාන්‍ය වර්ග , බිස්කට් පැකට් සහ ‍ ඩිජිටල් තරාදියක් ද ඇතැයි පොලීසිය පවසයි.

රත්මලාන ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් හට ඉතා අඩු මුදලට භාණ්ඩ අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් වන සැකකරුවන් දෙදෙනා සොරාගත් භාණ්ඩ විකුණා උපයාගත් මුදලින් දිනකට එක් අයකු රුපියල් 15,000 ක පමණ හෙරොයින් පානය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි.

රත්මලාන මල්ලියා හා සුරේ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකරුවන් දෙදෙනා 40 සහ 42 වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

කඩ කැඩූ කුඩ්ඩෝ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site