IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුඩාවැල්ලේ ධීවරයෝ විරෝධතාවයක

(අනීෂා මානගේ)

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් තිබියදී ඇතැම් වෙළඳුන් මසුන් රැගෙන යාමට පිට පළාත්වල සිට කුඩාවැල්ල ධීවර වරායට පැමිණීමට එරෙහිව අද (01) ධීවරයෝ පිරිසක් කුඩාවැල්ල ධීවරවරාය ඉදිරිපිටදී විරෝධාතාවක නිරතවූහ.

මෙම විරෝධතාව සඳහා කුඩාවැල්ල ගම්මානයේ ධීවරයෝ පිරිසක් එක්ව සිටි අතර අද ඇඳිරිනීතිය පවතින කාලයේදී එය නොතකා මොවුන් මෙලෙස විරෝධතාවයේ නිතර වූහ.

කුඩාවැල්ල ධීවර වරායෙන් මසුන් මිලදී ගැනීමට වයඹ සහ මධ්‍යම පළාත්වල සිටත් කොරෝනා අවදානම් කලාප ලෙස නම් කළ බස්නාහිර පළාතේ සිටත් වෙළඳුන් පැමිණිම නවතා දෙන ලෙස ධීවරයෝ ඉල්ලා සිටිති.

තවද ජනතාවගේ ආරක්ෂාව උදෙසා කුඩාවැල්ල ධීවර වරාය තාවකාලිකව වසාදමන ලෙසද ධීවරයෝ ඉල්ලීම් කරති.

මෙලෙස අවදානම් කලාපවල සිට හම්බන්තොට දිස්ත්‍රික්කයට පැමිණීමෙන් තම දිස්ත්‍රික්කයේ ජනතාවද දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ධීවරයෝ කියති.

විරෝධතාව පැවැති ස්ථානයට තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණි අතර ඔවුහු ධීවරයෝ සමඟ සාකච්ඡා කර පිට පළාත්වල සිට පැමිණෙන කිසිදු රථයකට අද සිට ඉඩ ලබා නොදෙන බවට වූ පොරොන්දු හේතුවෙන් විරෝධතාකරුවෝ විරෝධතාව අවසන් කර විසිර ගියහ.

 



අදහස් (1)

කුඩාවැල්ලේ ධීවරයෝ විරෝධතාවයක

de silva Thursday, 02 April 2020 05:11 AM

රජය මගින් ප්‍රකාශ කලා අහර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න අවසර දෙනවා කියල , ප්‍රාදේශීය මාලු වෙළෙන්දන්ට ඕනේ විදිහට පරිපාලනමය තීන්දු ගන්න පුලුවන්නම් රජයක් අවශ්‍ය වෙන්නේ නැහැ , මේ ගොල්ල හදන්නේ පිට පළාත්වල වෙළෙන්දෝ එන එක නවත්වලා මාලු ටික කුනුකොල්ලෙට අරන් වැඩි ලාභයක් තියන් ගම්වලට ගිහින් විකුණගන්න. මේ ගොල්ල ට කොරෝන ගැන ප්‍රශනයක් නැහැ එක පසුගිය කාලේ මෙගොල්ලගේ හැසිරීමෙන් පෙනෙනවා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site