
අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනා මිය ගොස් ඇතැයි වාර්තා වේ.
අද (10) උදෑසන මෙම ගුවන් යානය ගුවන් ගත වී විනාඩි අටකට පසු කඩා වැටී ඇත.
ගුවන් යානය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.
ඉතියෝපියානු අගමැතිවරයා අබියි අහමඩ් ටුවිටර් පණිවිඩයකින් නිකුත් කරමින් ගුවන් අනතුරින් විපතට පත් වූ අයගේ පවුල් වල සාමාජිකයන්ට ශෝකය පළ කළේය.
(ඒ.එෆ්.පී ඇසුරෙනි)
63226
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩාවැටුණු ඉතියෝපියානු යානයේ සිටි 157 දෙනා මරුට
sachith Sunday, 10 March 2019 09:57 AM
අපි ඉතියෝපියාවට හිනා වුනාට ඉතියෝපියානු ගුවන් සේවය කියන්නේ ලෝකේ තියෙන 17වැනියට ලාභයක් උපයන ගුවන් සේවය.. සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඉතියෝපියානු රජයටයි. මෙයාලගේ ගුවන්යානා ඔක්කොම වගේ අලුත්ම ඒවා. මේකත් අලුත්ම ගුවන් යානයක්, මේ අනතුරත් ඉන්දුනීසියාවේ බෝයිං 737 ගුවන් අනතුර වගේ ගුවන් යානයේ මෘදුකාංග දෝෂයක් නිසා වුනේ කියලා හෙළි වුනොත් බෝයිං සමාගමට ලොකු අලාභයක් වෙන්න පුළුවන්.
kanthi pereraSunday, 10 March 2019 10:21 AM
බෝයින් 737 කියන්නේ පැරණි ගුවන් යානයක් බබෝ...
Ruhunu Sunday, 10 March 2019 11:05 AM
බෝයිං 737 මැක්ස් 8 කියන මෙම ගුවන් යානාව 2016දී තමයි මුලින්ම මගී ප්‍රවාහනයට යොදවලා තියෙන්නේ.
sachithSunday, 10 March 2019 11:10 AM
ඔව්, හැබැයි මේ බෝයින් 737-800 මැක්ස්.. මේ බෝයින් 737 කාණ්ඩයේ අලුත්ම ගුවන් යානා. මේ කඩන් වැටුන ගුවන් යානය මීට මාස 4ට කලින් බෝයින් සමාගමෙන් බාරදීපු එකක්...
kuleSunday, 10 March 2019 11:17 AM
සචින් ඔබ නිවැරදියි. මමත් ඉතියෝපියන් ගුවන් යානයක ගමන්කර තිබෙනවා. හොඳ සුහදශීලී කාර්යක්ෂම සේවයක් ලැබුණා. එය පළවෙනි පන්තියේ සේවයක් ලෙසට මට හැදින්විය හැකියි. නමුත් හදිසි අනතුරක් කියනදේ කාටත්, කොයි වෙලාවේදී කියලා කියන්න අපහසුයි. අනතුරින් මියගිය අයට නිවන් සුව පතමි..
prabha Sunday, 10 March 2019 10:38 AM
මේ කඩා වැටුණු ගුවන්යානය වසර 2017 වෙනකල් නිෂ්පාදනය කළා..
sirimal Sunday, 10 March 2019 11:19 AM
බෝඉං 737 ගුවන් යානා විවිධ වෙනස්කම් ඇතුව 1967 සිට මේ දක්වාම නිෂ්පාදනය කරනවා. ඉතියෝපියන් ගුවන් සේවය අලුතෙන්ම මිලදී ගත් මෙම යානය භාවිතා කිරීම ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට කියලයි වාර්තා වී ඇත්තේ. එය මාස 6 කටත් වඩා අඩු වයසක් ඇති යානයක්. ඉතියෝපියන් ගුවන් සේවය දැනට ගුවන් යානා 110ක් සහිත අප්‍රිකාවේ විශාලතම ගුවන් සමාගමයි. එයට බෝඉං 737 යානා 28ක් අයත් වෙනවා. අපේ ශ්‍රී ලන්කන් සමාගම සතු සම්පූර්ණ යානා ප්‍රමාණය 28ක් පමණයි. ඒ සියල්ලම එයාර් බස් වර්ගයේ ඒවායි. ඉතියෝපියාවේ දුම්රිය සේවය, මහා මාර්ග, වරාය, ගුවන් තොටුපල ආදිය සම්පූර්ණයෙන්ම චීන රජය විසින් නවීකරණය කර ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන බවයි දැනගන්නට ඇත්තේ. ඉතියෝපියාවේ අගනුවර වන අඩිස්අබාබා නගරය කොළඹට වඩා දියුණු බවයි එහි ගොස් ඇති අපේ අය කියන්නේ. ප්‍රධාන නගරවලින් ඔබ්බෙහි ඇති ග්‍රාමීය ප්‍රදේශ නම් ඉතාම දිළිඳු බවයි කියන්නේ....
Hafeel Sunday, 10 March 2019 02:24 PM
අපේ පාලකයෝ චීනයෙන් ණය ගන්නේ ඔවුන්ගේ කොමිස් සමගනේ. ඒ නිසානේ අපේ ආයතනවල් පාඩු ලබන්නේ.
Deepal Sunday, 10 March 2019 12:16 PM
අපි ඉන්නේ මලාවි.. අපේ අය ලංකාවේ මැඩියෝ වගේ ඉඳන් ඉතියෝපියාවට බනිනවා. සිංගප්පූරුව කරන කම් බලා ඉන්න මැඩියෝ දන්නේ ළිඳේ තියන වතුර ටිකේ තරම විතරයි.
පිටිගල මිලානෝ Sunday, 10 March 2019 01:39 PM
ලෝකයේ ලස්සනම සුදට හුරු රන්වන් පැහැයක් ඇති ලඳුන් ඉන්නේ ඉතියෝපියාවේ. ඔවුන් අයිති ඉතියෝපියානු හබේෂා ගෝත්‍රයටයි. ලෝකයේ ධනවතුන් සහ මැදපෙරදිග ශේයික්වරුන් එම ලඳුන් සමග අවාහ විවාහ වෙනවා. ලංකාවේ අක්කලාට වඩා ගොඩක් ලස්සනයි හබේෂා ලඳුන්...
මිසිස් පිටිගල Sunday, 10 March 2019 03:32 PM
පිටිගල, හබාෂා ගැහැණියෙක් බැඳගෙන එහෙටම වෙලා ඉන්නවා. මමයි දරුවෝ 14 දෙනයි, කොහොම හරි ජීවත් වෙන්නම්. හැබැයි තමුසේ ආයේ ලංකාවට එනවා එහෙම නොවෙයි. හම ගහනවා.
ශාන්තිනි - රෝම්Sunday, 10 March 2019 09:09 PM
මොකක්ද පිටිගල මේ කඩං වැටුනේ ඔයාගේ ඔළුවට...? නෝනට ඇහෙන්න මොනවටද අර ගෑනුන්ගේ ලස්සන වර්ණනා කලේ.? දැන් ඉතින් ඉල්ලන් කෑවා නේද..පිටිගල හොඳ වැඩකරයෙක්ලුනේද ..ළමයිම 14 ක් ..? තව එක්කෙනෙක් ලැබෙන්න ඉන්නවනේද..?
ධම්ම Sunday, 10 March 2019 02:37 PM
මියගිය අයට නිවන්සුව අත්වේවා! මා කලක් ඉතියෝපියාවේ සේවය කළා. ඉතියෝපියානුවන් ඉතාම සුහදශීලීයි. ඇබිසීනියාව ලෙසින් බයිබලයේත් සඳහන්වන මේ රට මෙතෙක් කාලයකට කිසිම රටක යටත් විජිතයක් නොවීම ගැන ඔවුන් කතා කරන්නේ ඉතාම ආඩම්බරයෙනුයි.
Hafeel Sunday, 10 March 2019 02:42 PM
මෙහෙ අට පාස් නැති මස්සිනාව සභාපති කරලා, ආයතනයත් පාඩු කළා.
Nihal Sunday, 10 March 2019 04:56 PM
සෝචනීය පුවතක්, සියලු දෙනාට නිවන් සුව පතමි. මේ රට මැරතන් වලට ලෝකේ ඔලිම්පික් කප් ගහන රට....
Chanak los angeles Sunday, 10 March 2019 10:42 PM
අහසේ පොළොවේ ගුහාවේ මේ කුමන හෝ ස්ථානයක මාරයා සැඟවී සිටිය හැක .. එනිසයි අවසන් මොහෙතේ පවා බුදුන් වදාලේ සත්වයාට අප්‍රමාදීව කටයුතු කරන්න කීයා ...
Mohan Monday, 11 March 2019 04:07 AM
ඔබ සැමට නිවන් සුව
Soma Monday, 11 March 2019 05:49 AM
පිරිගල ඔයා සතුටින් ඉන හොඳේ