(ඩයනා උදයංගනී)
පුත්තලම දිස්ත‍්‍රික්කයේ, මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි පොල් ඇළ දූපත කඩොලාන වනාන්තරය සහ තත්කාලකුඩිය කඩොලාන වනාන්තරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කඩොලාන රක්‍ෂිත වනාන්තරයන් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.
ජනාධිපතිවරයා විසින් මේ සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව පුත්තලම පම්බල කලපුවෙන් වටවී ඇති පොල් ඇළ දූපත හෙක්ටයාර 29ක විශාලත්වයෙන් යුතු වන අතර පම්බල කලපුවෙන් වටවූ සහ ඕලන්ද ඇළ සීමාවෙන් මායිම් වූ තත්කාලකුඩිය කඩොලාන වනාන්තරය හෙක්ටයාර 22.7ක විශාලත්වයකින් යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන සංරක්‍ෂණ ආඥා පනත මගින් තමන්ට හිමිව ඇති බලතල අනුව මෙම කඩොලාන වනාන්තර රක්‍ෂිත වනාන්තර ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්.. කවුරු කවුරු හරි හොර ලියුම් ගහගෙන ගොඩ කරලා ගෙවල් හදා ගන්නකල් රක්ෂිතයක් වෙලා තියෙයි. මොකෙක් හරි දේශපාලුවෙක් තමන්ගේ හෙන්චයියන්ට බෙදා දුන්නම අපි ගිහින් විරෝධය දක්වමුකෝ...
බදූර්දීන්ට කපන්නද?
අලුතින් නම් කරන්න කලින් අර විනාශ කරන විල්පත්තුව බේරගෙන හිටියොත් නරකද සිරිසේන මහත්තයෝ...?
කළුතර කැලිඩෝ ශ්‍රී ලංකා සිතියමේත් නෑ... ලංකාවේ ලෝකුම පරිසර විනාශ එ්කයි.. ගූගල් මැප් එකේ විතරයි තියන්නේ...