2021 ජූනි 04 | ප.ව. 12:53
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share

(නිමල කොඩිතුවක්කු)
පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත කඩිනමින් යොමුකිරීමේදී ඇතිවන බාධා විසදීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇතැයි පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.
ඒ අනුව වෛද්‍ය නිරෝෂන් ගමගේ (අතිරේක ලේකම්- පශු සම්පත්) 077 2672015, වෛද්‍ය සාගරිකා සුමනසේකර(අධ්‍යක්ෂ-අභිජනන) - 071 8101904 සහ වෛද්‍ය හේමාලි කොතලාවල 071 8589004 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.
අදාල නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙදුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා සෘජුව අවසර ගත හැකි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
තවද යම් අයෙකුට කිරි,බිත්තර,මස් ආශ්‍රිත නිෂ්පාදනවලට අමතරව සත්ව ආහාර හා බෙහෙත් ප්‍රවාහනයට අවශ්‍ය අවසරයද ඉහත කාර්යාල මගින් ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විට ජංගම එළවළු හා පලතුරු අලෙවි රථ පවත්වාගෙන යන රථ හිමියන්ට තම රථ මගින් බිත්තර හා මස් ද අලෙවි කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.
COMMENTS
ඕවා නෙවෙයි.., අප සිටින ප්‍රදේශයට එළවළු නැහැ. දැන් අල තමයි කන්න වෙන්නේ..!!!
අපි හදපු එළවළු වලට මොකද කරන්නේ?