
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරියකු මෝටර් රථයක බොනට්ටුව මත සිටියදී අනතුරුදායක ලෙස මෝටර් රථය පදවා පසු ව එම පොලිස් නිලධාරියා අනතුරට ලක් කිරීමට යොදාගත් මෝටර් රථය තලංගම බටපොත දේවාල පාරේ නිවසක සඟවා තිබියදී අද සොයාගත් බව තලංගම පොලිසිය කියයි
වාහනය සඟවාගෙන සිටි එම නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
මෝටර් රථය සොයාගන්නා විට අංක තහඩු දෙක ගලවා තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අංක තහඩු වාහන පිටුපස අසුන අසල සඟවා තිබී දී පොලිසිය මඟින් සොයාගෙන ඇත
ඉකුත් විසි වෙනි දින රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ජාවාරම්කරු මෝටර් රථය පණ ගන්වා පලා යාමට තැත් කිරීමේදී පොලිස් සැරයන්වරයා මෝටර් රථයේ බොනට්ටුව මතට පැන එය වැළැක්වීමට උත්සාහ දැරීමත් සමඟම සැකකරු සැරයන්වරයා ද රැගෙන පළා ගිය අතර කිලෝ මීටරයක් පමණ දුරකදී සැරයන්වරයා මෝටර් රථයේ බොනට්ටුව මතින් බිමට වැටී තුවාල සිදුවී තිබිණි
සිද්ධියෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය මෝටර් රථය මෙම නිවසට රැගෙන විත් සඟවා තබා තිබූ බව පොලිසිය කියයි

2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුඩ්ඩාගේ මෝටර් රථය අල්ලයි