
(රංජිත් රාජපක්ෂ)
හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ රාත්‍රි කාලයේ සැරිසරන කඳුකර දිවියෙකු තම නිවාසවල සුරතලයට ඇතිකරන සුනඛයින් ගොදුරු වශයෙන් රැගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.
දිනපතා රාත්‍රි කාලයේ ප්‍රධාන මාර්ගය හරහා ගම්මානයට එම දිවියා පිවිසෙන බවත්, එනිසා තම ජීවිතවලට දැඩි අවධානමක් එල්ල වී ඇති බවත් හැටන් කුඩාගම ප්‍රදේශවාසීහු කියති.
හැටන් කුඩාගම අවට තේ වත්තේ සහ රක්ෂිතවල සැරිසරන දිවියන් ගම්මානයට පිවිසෙන බවත්, මේ වන විට නිවාස වල සුරතලේට ඇති කරන සුනඛයින් විශාල පිරිසක් කඳුකර දිවියන්ගේ ගොදුරු වශයෙන් ඩැහැගෙන ගොස් ඇති බව ඔවුහු සඳහන් කරති.
කුඩාගම ප්‍රදේශයේ සැරිසරන දිවියන් අල්ලා සුදුසු රක්ෂිතවලට මුදා හැරීමට කටයුතු කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
මෙය ලෝක ස්වභාවය... කම්පා වෙන්න එපා වෙනස්කරන්න යන්නත් එපා. ලෝක ස්වභාවය වෙනස් කරන්න ගොස් ඉගෙන ගන්න පාඩම හොඳටම ඇති...