IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කඩුගන්නාවේ ගලවිදපු තැන නාය යෑමේ අවදානමක්

(චමිල් රූපසිංහ)

මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ගල විදපු ස්ථානයට පහළින් කන්දේ කොටසක් නාය යෑමේ අවධානමක් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

අධික වර්ෂාවත් සමඟ කන්දේ කොටසක් ඊයේ පස්වරුවේ නාය ගොස් වෙළෙඳ සැල් පහකට පමණ හානි සිදුව ඇති අතර අනකුත් කඩ ද නාය යෑමේ අවධානමත් ඇති නිසා වසා දැමුණු කඩ සාප්පුවල ඇති බඩු බාහිරාදිය ද ඉවත් කර ගෙන ඇත.

මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ස්ථානය නිරීක්ෂණයට අද (10) පෙරවරුවේ ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා නාය යෑමකට අවශ්‍යය සියලු සාධක එම ස්ථානයේ දක්නට ලැබෙන බැවින් හැකි ඉක්මනින්න වෙළෙඳ සැල් පවත්වා ගෙන යන පිරිස් ඉවත් කළ යුතුව ඇතැයි අවධාරණය කළේය.

අදාළ කඳු වැටියේ සිට පහළට එන ජල පහර පොළොව යටින් ගලා යන බැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නාය යෑමේ අවධානයක් මතුව තිබෙන බැවින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු වගකිව යුතු අංශ කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.



අදහස් (4)

කඩුගන්නාවේ ගලවිදපු තැන නාය යෑමේ අවදානමක්

kapila Wednesday, 10 November 2021 07:11 PM

ඔතන නාය ගියොත් නුවරට ගිහින් හමාරයි. දැන්වත් මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවරට පැමිණීමට ඉඩ සලස්වන්න.

:       0       6

වගීශThursday, 11 November 2021 10:55 AM

මේ අමන පාලකයන් කරන්නේ පීඩිත පන්තියේ සාමාන්‍ය ජනතාවට යන්න තියෙන සාමාන්‍ය මාර්ගය නාය ගැන සැක නොහිතෙන ලෙස කඩුගන්නාව හරියෙදි නාය යන්න සලස්වලා උන්ගේ හොරාකන අධිවේගය ඉක්මන් කොට ජනතාවහේ මුදල් ගසා කෑමටයි මේ සැරසෙන්නේ.. මේවාට අහුවෙන්නෙ වහල්ලු.

:       0       1

Thusitha Wednesday, 10 November 2021 08:03 PM

පිංපඩි ගිලින වෙලාවේ ඕක කලින් කියාගන්න බැරි ආචාරිකම් මොකටද?

:       22       3

samWednesday, 10 November 2021 08:29 PM

වෙන්න කලින් තමා ඔය කියලා තියෙන්නේ, පුංචි මොලේට තේරෙන්නේ නැතිද..?

:       3       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site