
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල තුම්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයයට පිරිසක් සමග කඩා වැදී එහි සිටි පිරිස දණගස්වා එහි වැඩ විසූ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන්ට පහර දී පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හොරණ කිරිගල ප්‍රදේශයේදී අද (4) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු එම ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 12 හැවිරිදි සාමණේර හිමි නමකගේ පියා බව පොලිසිය කියයි.
පුද්ගලයන් 10දෙනකු පමණ මෙම පැහැරගැනීමට සම්බන්ධ බව අනාවරණය කරගෙන ඇති අතර, ඒ සදහා යොදාගත් වෑන් රථයද හදුනාගෙන තිබේ.
සැකකරුවන් එම මෙම ආරණ්‍ය සේනාසනයට එලෙස කඩා වැදී ඇත්තේ පොලිස් නිලධාරීන් බවට හඟවමින් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එලෙස පැමිණි පිරිස අතර හොරන මිල්ලනිය පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකගේ සැමියාද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
-
මේ රටට මොනවා වේගන යනවද කියලා හිතාගන්න බැහැ. මිනිස්සු දැන් දැන් ආනන්තරීය පාපකර්ම වලට පවා බය නැතුව යොමු වෙනවා. මේක මේ හාමුදුරුවන්ගේ පෙර අකුසලයක් තමා. ඒත් ඉතින්..?
අවුරුදු 12ක ළමයෙක්ට පැවිද්ද ඉක්මන් වැඩියි.