IMG-LOGO

’කඨිනවලට ආගමික පරිසරයකට උචිත ගීත පමණක් යොදා ගන්න’

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

කඨින  පූජෝත්සවවලදී සහ  වෙනත් ආගමික උත්සවවලදී ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කරන්නැයි බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත.

ආගමික ස්ථානවල පූජනීයත්වය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන්නැයිද  උපදෙස්දී ඇත.

ඇතැම් කඨින උත්සවලදී ආගමික උත්සවවලට උචිත නැති ගීත වාදනය කිරීම සම්බන්ධයෙන්  සමාජ මාධ්‍යවලින් විවිධ විවේචන එල්ල වීම  සැලකිල්ලට ගෙන අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර
ඇත.

එසේම කඨින පූජෝත්සව  සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව පැවැත්විය යුතු බවද  අමාත්‍යාංශය දැනුම් දෙයි .

පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේ දී හා පෙරහැර සංවිධානය කිරීමේ දී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් පවතින, ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් භාවිත කරමින් ආගමික ස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද  අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී ඇත.

 



අදහස් (13)

’කඨිනවලට ආගමික පරිසරයකට උචිත ගීත පමණක් යොදා ගන්න’

Neranjan Friday, 05 November 2021 08:00 PM

බැරිද බොදුබල එකේ ඥාණසාර හාමුදුරුවන්ට සර්ට කියලා පෙරහැරේ ගහන්න ඕනෑ සින්දු කවි ගීත මොනවද කියලා ගැසට් එකක් ගස්සවන්න...

:       30       31

JudeFriday, 05 November 2021 09:32 PM

එතකොට පල්ලියේ කවි ගීත වලටයි, යාතිකා වලටයි ගැසට් ගහන්නේ අර බොරු ඇදබාල හැංගි හැංගි ඉන්න කෙනාගෙන්ද? නැත්තන් උදේ හවස අඳෝනා තියන අයගෙන්ද?

:       11       11

NandasenaSaturday, 06 November 2021 08:44 AM

මහත්තයා හැටනවලක්ෂෙ කෙනෙක් කියල නම් පැහැදිලිව පේනවා. රිදෙන එකට කරන්න දෙයක් නෑ. මේ කරුමයට ඔයාලා වගේ අයත් වගකියන්නම ඕනෙ.

:       1       3

jayasekaraSaturday, 06 November 2021 10:57 AM

'ජින්ගල් බෙල්ස්' දාන්න

:       2       2

BamunuarachchiFriday, 05 November 2021 09:48 PM

ඔව් ඔව් කටමැත දොඩන වුන්ගේ හොක්ක තලන්නත් නීති ගෙනේවි. බික්ෂුවත් විහිළුවකට ගන්න තරම් සිංහල බෞද්දයා නරක වෙලා. මොවුන් ඉන්න රටකට හරියාවිද?

:       6       3

Bamunuarachchi Friday, 05 November 2021 09:44 PM

නිදහස් දින සමරු උත්සවයේදී 'ආජු තත්පර ලාහිලා' කියන සින්දුව තෝරාගෙන සංකර නැටුමකුත් දාපු රටක් මේක. කඨිනවලට විච්චුරන සිංදු නොකිය ඉඳීද? අම්මප.

:       4       3

ලලිත් අම්බලන්ගොඩ Friday, 05 November 2021 09:56 PM

හොද අදහසක් . ඉතා වැදගත් යෝජනාවක්.

:       0       3

පිටිගල මිලානෝ Friday, 05 November 2021 10:33 PM

බුදුන්වහන්සේ කථින පින්කම් ගැන මොන සූත්‍රයේද දේශනාකොට වදාලේ?

:       1       4

උපාසක Saturday, 06 November 2021 03:01 PM

කඨින පූජාව මහානුභාව සම්පන්නනයි කියමින් දායක දායිකාවො සිවුරු රෙද්ද ගෙන පෙරහැර යනවා අඩියෙන් අඩියට හිසෙන් හිසට මාරු කරනවා. භාර ගන්න ඉන්න හාමුදුරුවෝත් පෙරහැරේ වඩිනවා මෙයට අවුරුදු පනහකට පමණ පෙර හාමුදුරුවෝ කඨින චීවරය සැකසීමේ රෙදි පංසලට ගෙනවිත් දෙනතුරු පස්සෙන් වැඩියෙ නැහැ එම කටයුතු කරන්නෙ භාර ගත් දායක මහතා හෝ මිය විසින්. තවත් දෙයක් ඒ කාලේ රෙද්දක් වියලා හෝ අලුතින් සුදු රෙද්දක් අරගෙන දණ්ඩක ඔතාගෙන පංසලට ගෙනාවාම එය කපල මහල පඩු පොවල සකස් කරනවා දැන් කරන්නෙ කඩේකින් හෝ වෙන මුදලාලි කෙනකු ගෙන් මැසූ සිවුරක් ගෙන ගම වටා ගොස් පූජාව කරනවා ඒක හාමුදුරුවෝ අදින්නෙත් නැතිලු

:       0       2

BamunuarachchiSunday, 07 November 2021 08:37 AM

පන්සල් වල බෝගස් වවන්නත් ධාතු තැන්පත් කර චෛත්‍ය හදන්නත් බුදුරජානන්වහන්සේ සූත්‍ර වලින් කියලා නැහැ. නමුත් බෞද්ධයෝ බෞද්ධයින් එක රැස් කරගෙන පින්දහම් කිරීමට ඒ ඒ දේවල් කරනවා .ඒවා සමාජෙට යහපතක් මිස අයහපතක් නැත. එම නිසා නොදන්නා දේවල් කතා නොකර හිටියොත් හොඳයි නේද? ජේසුස් වහන්සේගේ කාලේ වෛවාරණ ඇඳුම් ඇඳගත්ත කාදිනල්ලා පාප් තුමා ලා හිටියද? දැන් ඉන්නවානේද?

:       1       0

කාන්ති Saturday, 06 November 2021 06:28 AM

ලවුඩ්ස්පීකර් නිසා හරිම කරදරයක් වෙලා තියෙන්නෙ. මේ දවස්වල A /L , O / L විභාග වලට පාඩම් කරන අපේ දරුවන්ට හරිම හිරිහැරයි.

:       3       2

Lal Saturday, 06 November 2021 08:11 AM

පල්ලිවලින්, පන්සල්වලින් උදේට හැන්දෑවට ලවුස්පීකර් දාගෙන බෙරිහන් දෙමින් කරන යාතිකා ගීතිකා අඳෝනාවල් මේ සියලුදේත් වහාම නතර කළ යුතුයි. හරියට තරඟයකට වාගේ මේ ශබ්ද දූෂණය කරන්නේ. කොච්චර වැන්දත්, යෑත්දත්, අඳෝනාවල් කලත් රටටත් ජනතාවටත් වෙලා තියෙන යහපත මොකක්ද? දිනෙන් දින රට වලපල්ලටම යන්නේ.

:       2       5

සිරිබිරිස් Saturday, 06 November 2021 10:41 AM

ඕයේ ඔජායේ හොඳ නැත්ද ?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site