
( රොමේෂ් මධුෂංඛ )
වව්නියාව ඉරට්ටපෙරියකුලම් අලගල්ල ප්‍රදේශයේදී ලොරි රථයකින් රැගෙන ගිය රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරලගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි.
ඉරට්ටපෙරියකුලම් අලග්ල මංසන්ධියේදී ඉරට්ටපෙරියකුලම් පොලිස් නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සැක කටයුතු ලොරිරථය නවතා පරික්ෂා කිරීමේදී ලෙරි රථය තුළ සඟවා තිබූ පාර්සල් 123 ක් තුළ තිබු කිලෝ 164 ග්‍රෑම් 930 ක් තිබියදී සොයාගෙන තිබේ.
ලොරි රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. කලක සිට මෙලෙස කේරල ගංජා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් උතුරේ සිට දකුණට ප්‍රවාහනය කෙරෙන පොලීසියට ලැබුනු තොරතුරකට අනුව සෝදිසි කිරීම් දැඩි කිරීමට පියවර ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (16) දිනයේදී වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd