(අජන්ත කුමාර අගලකඩ)
විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩිම මුදලක් ඉල්ලා හිඟ බිල්පත් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය, මහාමාර්ග සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශවලින් බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් ද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1350ක පමණ මුදලක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 1100ක පමණ මුලක් ද මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අමාත්‍යාංශවලින් ඉකුත් කාලයේ දී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් මෙම බිල්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රජයේ අපේක්ෂිත ආදායම් නොලැබීමත්, ණය සීමාවන් ඉක්මවා යාමත් හේතුවෙන් රාජ්‍ය ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඉකුත් මැයි මාසයේ දී චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබිණි.
මීට අමතරව පසුගිය මාසයේදීත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රාග්ධන වියදම් තවත් සියයට 10කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් උපදෙස් දුන්නේය.
COMMENTS
සල්ලි නැහැල්ලු. හැබැයි ඩියුටි ෆ්‍රී පර්මිට් දෙනවා හිටු කියල. කාට ගහන බොරුද දන්නේ නැහැ.
පහු ගිය වසර 5 රජයේ සේවකයන්ට වැඩි කල පඩි ගෙවීමට ගත් ණය ඩොලර් බිලියන 20. අවුරුද්දෙන් පස්සේ පඩි ගෙවන්නත් බැරි වෙයි වගේ
මෙච්චර ණය තියෙද්දී මඩකඩ මිනිසා තමන්ව පුම්බන්න කෝටිගණන් වියදම් කරපු හැටි
ඒ වුනාට අලුතින් සමෘද්ධි පත්වීම් ලක්ෂ 3 දෙන්න සල්ලි තියෙනවා . යකඩ මිනිහගේ මලකඩ කඩන්න දැන්වීම් දාන්න කෝටි 100 තියෙනවා . ගම්උදා සමරු ඵලක ගහන්න කෝටි 65 තියෙනවා . පෝස්ටර් ගහන්න කෝටි 40 තියෙනවා . නිවාස අධිකාරියේ අලුත් පත්වීම් 3000 දෙන්නත් සල්ලි තියෙනවා .. තවත් මේ රට කන මේ යක්කුන්ට ජන්දෙ දෙන පිරිසකුත් ඉන්නවනේ..
අපනයනය දියුණු කරලා, කෘෂිකර්මාන්තය, අනෙකුත් දේශීය නිෂ්පාදන දියුණු කරලා රට ගොඩගන්නවා මිසක, බදුම ගහ ගහ, බොරුම කිය කියා රටක් ගෙනියන්න බෑ. තමන් බලයේ සිටීම මිසක මොවුන්ට වෙන අරමුණක් නෑ. ඉතින් රට ඉවරයි. විකුණන් කන්න පුලුවන් සේරම විකුණලා දැම්මා. අහෝ !
මේවට රැවටෙන්න එපා. භාණ්ඩාගාරේ ඕන තරම් සල්ලි තියෙනවා.
ගිය සුමානේ අර අපේක්ෂක තුමා කිව්වේ බන්ධනාගාරේ ඕනෑතරම් සල්ලි තියනවා කියලා.
අනිවාර්යෙන් තම තමන්ගේ සාක්කු පුරුවාගෙන ඇති දන්නවනේ නොවැම්බර් 17 පස්සේ ඇඩ්නැරස්හැ නැහැ කියල කියල.
ඒවුනාට සජිත් ඇමතිතුමනම් කියල තිබුන භාණ්ඩාගාරේ ඕනේ තරම් සල්ලි තියනව් කියල
පාස්කු ප්‍රහාරය වෙලාවේ රට අරාජික වුණා. එක පමණද පෙනෙන්නේ .. අර සාඨක අගමැති කමට රිංගලා රට දින 52 ක් අරාජික කරපු එක අමතකද ?මමනම් කියන්නේ භාණ්ඩාගාරය පුරවන්න පුළුවනි රටේ මංකොල්ල කාල තිබෙන මුදල් ටික නැවත ගන්න කටයුතු කරතොත් ..
ඒ වුනාට මුදල් ඇමති මංගල කිව්වා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය නිසා රටට ඩොලර් මිල්ලියන 400 ක් ආධාර වශයෙන් ලැබුණු බව. ඒ නිසා මංගලගේ ප්‍රකාශ අනුව පාස්කු ප්‍රහාරය නිසා රටේ ආර්ථිකයට කිසිම හානියක් වෙන්න බැහැ.
පිටරටින් එන සල්ලි වලට බදු ගැහුවා. දැන් මිනිස්සු අඩුවෙන් එවන්නේ. අනික බොහෝමයක් තරුණ අයත් රට දාලා යන්නම තමයි කල්පනා කරන්නේ. මොකද මීට වඩා ඒ රටවල මුදල් හොයාගන්න ක්‍රම තියෙන නිසා. අනික මෑත කාලේ කිසිම ආණ්ඩුවක් අපනයනය වැඩි දියුණු කරන්න ක්‍රම හැදුවේ නෑ. රාජ්‍ය සේවය කාර්‍යක්ශමතාවය වැඩි කරේ නෑ. කොහොමත් දැන් අපේ කම්කරු වියදම වැඩි. ඒක නිසා පිටරට ආයෝජකයෝ එන්නේත් ඉතාම අඩුවෙන්. වානිජ ණය වලින් සල්ලි එන දේවල් නෙමේනේ කරේ. බිල්ඩින් හැදුවා. පාරවල් හැදුවා සහ රට කන රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙව්වා. ඕවනේ කරේ. ඉතින් ලෝකයේ අනිත් රටවල් යන වේගයට අපි නොගිය ගමන් කොහොමත් රටක් වේගයෙන් කඩන් වැටෙනවා.
අනේ මන්ද අපේ රටට ගිය කලක්. මේ දැන් රට වටේම කියා කියා යනවා භාණ්ඩාගාරේ ඇතිවෙන්න සල්ලි තියනවා කියලා. ඇත්තටම කවුද මේ බොරුවෙන් රැවටෙන්නේ කියලා ටිකක් හිතන්න.
ඇත්තටම අහන්නේ. එකපාරම හොඳ රටක් බලලා මුලු රටම විකුණන්න බැරිද?
මේ අය නම් මහ කාලකන්නි ජාතියක්. රටේ මිනිස්සුන්ගේ කරුමේ.