IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 350 ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

(යොහාන් භාසුර)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 3.5 ක් හෙවත් රුපියල් කෝටි 350 ක මූලික පිරිවැයක් දරමින් සිංගප්පූරු සමාගමකින් 2016 වසරේ ලබාගත් ආදායම් පරිපාලන හා කළමණාකරණ පරිගණක තොරතුරු පද්ධතිය හෙත් ‘රැමීස් පද්ධතිය’ තක්සේරු වාර්තාවක් හෝ නිකුත් කිරීමට නොහැකි තත්වයට පත්ව ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

‘රැමීස්’ පද්ධතියේ මෙම අකර්මණ්‍ය තත්වය හමුවේ රජයට රුපියල් බිලියන 600 ක හෙවත් රුපියල් කෝටි 60000 පමණ බදු ආදායමක් අහිමිවීමේ තත්වයක් උද්ගත වී තිබේ.

මෙම ‘රැමීස්’ පද්ධතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාගැනීමෙන් පසුව පුහුණුව ආදි වෙනත් කටයුතු සඳහා තවත් රුපියල් බිලියන තුනක් පමණ වැයකළ ද මෙහි සියලුම පාලන බලය මේ දක්වා අදාල සිංගප්පූරු සමාගම සතුව පවතින බවත් දැනගන්නට තිබේ.

මෙම ‘රැමීස්’ පද්ධතිය හරහා 2018-2019 බදු කාලපරිච්ජේදයේ උපයනවිට ගෙවිමේ බදු මත තක්සේරු වාර්තා සහ රඳවාගැනීම මත බදු තක්සේරු නිකුත් කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවත් එම කාලපරිච්ජේදයට අයත් වාර්තා මෙම පද්ධතියට ඇතුළත් කිරීමට පවා මේ දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කටයුතු කර නොමැති බව ද වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 1988 වසරේ සිට 2015 වසර දක්වා ක්‍රියාත්මක කළ ‘ලෙගසි’ පරිගණක තොරතුරු පද්ධතිය 2016 වසරේ මැද භාගය වන විට ඉවත් කිරීමට සැළසුම් කර තිබුණ ද ‘රැමීස්’ පද්ධතිය දැවැන්ත මුදලකට ලබාගෙන වසර හයක් ගතවී තිබුණ ‘ලෙගසි’ පද්ධතිය තවමත් ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

‘රැමීස්’ පද්ධතිය ලබාගැනිමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ට ඔවුන්ගේ වැටුපෙන් තුනෙන් දෙකක අමතර දීමනාවක් ගෙවමින් එම පද්ධතියේ අමතර සේවයට යෙදවුවද ඔවුන් අමතර දීමනාව වෙනුවෙන් සාමාන්‍ය සේවා කාලයේ කටයුතු කළ බවත් ඒ සඳහාම අමතර කෝටි ගණනක මුදලක් වැය කර ඇති බවත් කියවේ.



අදහස් (0)

කෝටි 350 ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site