(මුදිතා දයානන්ද)
රුපියල් ලක්ෂ 28,700 ක් වැය කර පසුගිය රජය කාලයේ ගෙන්වන ලද වාහන 78 තිබෙන්නේ කොහේද කා සතුවද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
පසුගිය ආණ්ඩු කාලයේ ඇමතිවරු මිලදී ගත් වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ වාහන සම්බන්ධයෙන් 2017 මැයි මාසයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඒ වාහන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලුවා. ඒත් වාර 5 ක් සති දෙක ගානෙත් තවත් වාරයක් මාසයක් ලෙසත් කල් ගනිමින් උත්තර දීම මග හැරියා. අන්තිමට 2019 අගෝස්තු මාසයේදී මාස 6 ක් කල් ගත්තා. එහෙමයි ඔහු මේක මගහැරියේ.
ආණ්ඩුව මාරු වුණාට පස්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා. ඒ වාර්තාව අනුව වාහන 78 ක් රුපියල් ලක්ෂ 28,700 කට මිලදී ගෙන තිබෙනවා.
දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ වාහන තිබෙන්නේ කොහෙද කියන එක. සමහරු අපි ගත්තේ නැහැයිලු. සමහරු කියනවා මම දන්නේ නැහැ කියලා. දැන් මේ වාහන තියෙන්නේ කොහෙද? කවුද භාවිතා කරන්නේ කියලා පරීක්ෂණයක් කරන ලෙස අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට නීතිඥ සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.

COMMENTS
ඉතින් ඔයාලගේ ආණ්ඩුවක්නේ තිබුනේ. හාමු ඔයාලාට නොදී තනියෙන් වාහන පාවිච්චි කරලද..?
රනිල් තමාගේ බල තන්නාවට, අසාර්ථක නායකත්වය සහ කිසිම වටිනාකමක් නැති අගමැති දූරය රැකගන්න ඕනෙම වැරදි වැඩක් කරාවි.
දැන් හඳ පෙන්නපු අයගෙ ඇඟිල්ල එහෙම නැතිනම් 3% ගැන කතා කරාවි
ඉතාමත් හොද වැඩක්. බලමුකෝ මේවා කොහෙද, කා ලගද තියෙන්නේ කියලා. දැනටමත් හොර පාරෙන් විකුණලා ඇති.
මොන ආණ්ඩුව තිබුනත් තමන් ළඟ තිබෙන මුදල්වලින් තමන්ට ලැබුන පර්මිට් එකකින් වාහනයක් ගෙනාවොත් ඔබලාට තිබෙන කැක්කුම මොකක්ද කියල වහගන්න අමාරුයි. මම දන්නා වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මේ පිළිවෙත අනුගමනයය කළා. මේ ගමන වෙනසකට තිබුනේ වාහනේ මුලුවටිනකම එක ගමන්ම ගෙවන්න සිදු වුන එකයි.
මේ කට්ටියත් මොනවා හරි අනුන්ගේ දෙයක් හොයලා මාධ්‍යට කියලා ලොකු ප්‍රසිද්දීයකුත් අරගෙන කොහොම හරි දවස ගැට ගහ ගන්නවා.
ඒවටත් චෝගම් එකට ගෙනාපු බෙන්ස් කාර් පනහට වෙච්ච දේම වෙලා ඇති. හැබැයි අපරාදේ කියන්න බැහැ ඒ ආණ්ඩුවෙන් විපක්ෂ නායක තුමාටත් වෙඩි නොවදින බෙන්ස් කාර් එකක් ගෙනත් දුන්නා.
එතකොට දැන්ද මේගොල්ල ඇහැරුණේ.
ඇයි දැන්? ඒ කාලේ කළේ නැත්තෙ මොකද?
cw වෙත, පුවත හරියට කියවන්න..
ඒ කාලෙ නොකල එක ප්‍රශ්නයක් තමයි. ඒත් දැන්වත් මේගැන හොයන්න ඕන. කෝටි 287 ක් කියන්නෙ සුලුපටු ගානක් නෙවෙයි. ඇරත් විදේශ විනිමය. මේ කන්නයේ රටේ මුලු වී අස්වැන්නම මිලදී ගන්න උනත් වැයවන්නෙ මේ මුදලින් ඉතා සුලු කොටසයි. ගනුදෙනුව හෙලිකොට නිකන් සිටින එක නෙවෙයි රජයේ වගකීම.
cw , අසංග දේශපාලන කන්නාඩි දාගෙන අදහස් දමන්න එපා. පුවත හරියට කියවන්න.
අපෝ මෙව්වා ඉතින් අපිට පෙන්වන නාටක තමයි. 2015 දී මොන තරම් ෆයිල් හැදුවද ?? අද වෙනකල් එක ෆයිල් එකක් හරියට විසදලා තීන්දුවක් දුන්නද ?? බොරු ගමන් යන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න. ඔයාල නිකන් රස්තියාදු වෙන එක විතරයි.
පුලුවන්නම් යෝජනාවක් ගෙනෙන්න මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන දීම නතරකරන්න කියා.ඒ වගේම යෝජනාවක් ගෙනෙන්න ඇමතිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා හයිඑස් හෝ නිසාන් වැනි වෑන් රථ පමණක් ගෙනෙන්න කියා.එහෙම කලාම එකම වෑන් රථයේ ආරක්ෂකයින් හා තව නිලධාරී කීපදෙනෙකුට එකම වාහනයේ යන්න පුළුවන් ඇමතිවරයා සමග.විශාල මුදල් ඉතිරියක්.