(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 231ක් ආනයනය කර සන්තකයේ තබා ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා තෙක් දින හතක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
මෙලෙස රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීම සඳහා අවසර නිකුත් වූයේ බේරුවල පදිංචි දිනයාදුරදිලිප් සුසන්ත සහ එම්. රික්සි මොහොමඩ් යන අයවලූන් වෙතය.
මෙම සැකකරුවන් 1984 අංක 13 අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ගයක් වූ හෙරොයින් කිලෝග‍්‍රෑම් 231යි ග‍්‍රෑම් 54ක් ළඟ තබා ගැනීම, ආනයනය කිරිම සහ ඡාවාරම් කරන ලදැයි කියමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණීය මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd