(එම් .සුසිල් ප්‍රියන්ත)
                     
කොස්ගොඩ ටකරං වාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සගවා තිබූ රුපියල් කෝටි 24ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 155ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් ඒකකය කියයි.
                    
ලැබුණු තොරතුරකට අනුව ඊයේ (12) රෑ සිදු කළ වැටලීමකදී මේ මත් කුඩු තොගය සොයාගත් බවත්  පාතාල කණ්ඩායම් නායක කොස්ගොඩ තාරක නමතැත්තාට අයත් මත් කුඩු තොගයක් බව පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.
                  
පාර්සල් 20ක අසුරා තිබූ මේ මත් කුඩු තොගය ලංකාව පුරාම බෙදා හැරීමට සූදානම් කර තිබූ බවද පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.
               
මෙතරම් වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් දකුණු පළාතෙන් සොයාගත් පළමු අවස්ථාව මෙය බව පොලිස් ආරංචි මාර්ග කියයි.
             
මේ මත් කුඩු තොගය සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන නැති අතර එය වැඩිදුර පරීක්ෂණය සදහා කොළඹ මත්ද්‍රව්‍ය නාෂක කාර්‍යාංශයට භාරදි ඇත.