IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෝටි 200 ක හෙරොයින් ප්‍රවාහනය කළ කැබ් රථය සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගය සහ මිලිමීටර් නවය වර්ගයේ නවීන පිස්තෝල ප්‍රවාහනයට යොදාගත් බව කියන කැබ් රථය අද (03) කොළඹ ප්‍රදේශයේදී සොයාගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය කියයි.

බස්නාහිර උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකරුවෙකු සමඟ ඉකුත් 30 වැනිදා බණ්ඩාරගම ගැලනිගම නිවසක සඟවා තිබූ  මත්කුඩු තොගය හා ගිනිඅවි සොයා ගනු ලැබීය.

මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පොකුණුවිට කුළුපන පදිංචි 28 හැවිරිදි කාංචනා ප්‍රියදර්ශනී , සැකකරියගේ සහෝදරයා වූ 26 හැවිරිදි ධනංජය ධර්මකුමාර , සැකකරුගේ බිරිඳ 21 හැවිරිදි උපේක්ෂා පියුමි යන තිදෙනා ඉකුත් 30 වැනිදා පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රමනි ද සේරම් මහත්මිය වෙත ඉදිරිපත් කිරිමට අවසර ලබාදුන් බව පොලිසිය කියයි.

එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් වලදී හෙළි වු තොරතුරු මත මිරිස්සේ සිට බණ්ඩාරගම ගැලනිගම නිවසට මත්කුඩු හා ගිනිඅවි තොගය  ප්‍රවාහනය කරන ලද කැබ් රථය වාහන කුලියට ලබාදෙන ආයතනයක තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.

ප්‍රධාන සැකකරිය සහ සැකකරු යතුරු පැදියකින් යමින් සිටියදී ගැලනිගම ප්‍රදේශයේදී නවතා සිදුකළ පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු කිලෝ 15 ක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව ගැලනිගම පිහිටි නිවස වටලනු ලැබූ බව පොලිසිය කියයි.

එම නිවස තුළ තිබූ හොරොයින් මත්කුඩු කිලෝ 177 සොයා ගැනීමෙන් පසු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නවීන පන්නයේ ගිනිඅවි සහ මැගසින් සොයාගැනීමට හැකිවී තිබේ.

කෝටි 700 ක නිල් දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට රිමාන්ඩ් භාරයේ පසුවන කැලුම් ඉන්දික නොහොත් කැවුමා මෙම නිවස කුලී පදනම මත රැගෙන තිබූ බවට ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

මෙම හෙරොයින් තොගය ඉරානයේ සිට මුහුදු මගින් මෙරටට ගෙන්වා ඇති බවත් මිරිස්සේ සිට අධිවේගි මාර්ගය ඔස්සේ බණ්ඩාරගම ගැලනිගම නිවසකට ප්‍රවාහනය කර තිබූ බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (1)

කෝටි 200 ක හෙරොයින් ප්‍රවාහනය කළ කැබ් රථය සොයාගනී

දුමින්ද Monday, 03 February 2020 05:09 PM

අයිතිකාරයා දේශපාලුවෙක්ද? නැත්නම් නලුවෙක්ද? ගායකයෙක්‍ද?

:       0       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site