
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 12 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් හැඳල තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ අද (23) සවස සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
එහි කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයත් තිබු බවද නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සහ විශේෂ කාර්ය බළකාය අද පස්වරුවේ කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී ධීවර යාත්‍රාවක් තුළ සඟවා මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
එම ධීවර යාත්‍රායේ උර 10ක පාර්සල් 185ක් වශයෙන් මෙම කේරළ ගංජා තොගය අසුරා තිබී ඇත.
මෙම කේරළ ගංජා තොගය සමග මෙම ජාවාරමට සම්බන්ධ එක් සැකකරුවකු ඩිංගි යාත්‍රාවක්ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවල පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව දිවයින වටා වූ වෙරළ තීරය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන බවද නාවික හමුදාව පවසයි.

COMMENTS