
(චන්ද්‍රසේන ගමගේ)
නීතිවිරෝධීව මෙරටට ගෙන එනු ලැබූ රුපියල් කෝටි 12 ක පමණ වටිනා කමකින් යුක්ත කහ තොගයක් හුංගම කළමැටිය ධීවර වරායේදී අද(27) අලුයම කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන තිබේ.
බේරුවල ප්‍රදේශයේ බහුදින යාත්‍රාවකින් මෙම කහ තොගය කළමැටිය ධීවර වරායට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් මෙම කහ තොඟය අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී කිලෝග්‍රෑම් 25,000 ට වැඩි කහ ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයින් 6 දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට පත් ධීවරයන් බවත් ඔවුන් කළමැටිය ,කුඩාවැල්ල ,කෝටගොඩ හා බේරුවල පදිංචි කරුවන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම මෙහෙයුම සිදු කර තිබුණි.
සැකකරුවන් අද අලුයම හුංගම පොලීසියට බාර දුන් අතර කහ තොගය අධිකරණ නියෝගයින් අනතුරුව විනාශ කර දැමීමට නියමිතය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අගුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - චන්ද්‍රෙසේන ගමගේ)


(ඡායාරූප - අනීෂා මානගේ)
COMMENTS
ඇයි මෙ කහ විනාශ කරන්නේ...? සතොස හරහා ජනතාවට අඩු මිලට විකුණන්නේ නැත්තේ ඇයි?
මේ කහ විනාශ කරන එක ඉතාම අමන ක්‍රියාවක්. මේ මත්ද්‍රව්‍ය නොවෙයි.
මේ කහ වෙළඳපලට නිකුත් කළොත් අමාරුවේ වැටෙන්නේ වවපු ගොවියන්ය... විනාශ කිරීම හොඳම පිළියම වේ.