(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 90ක් ජාවාරම් කළැයි කියන ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනා ඇතුළු විදේශීය සැකකරුවන් තිදෙනා සහ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.
දින 7 ක රැඳවුම් බාරයෙන් පසු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද (29) මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ඇෆ්ගන් ජාතික ශකාරි ෆර්හාත්, ඇමෙරිකානු ජාතික මාෂල් ෂෝන් ඇන්තනි, ක්වාජා ජාම්ස් ඉෂාන්, ශ්‍රී ලාංකිකයන් වූ හික්කඩුවේ පදිංචි උඩුගහපත්තුවගේ දොන් ඉන්ද්‍රජිත් පද්කුමාර සහ හල්ඔලූව කංකානම්ගේ චමින්ද දිමුතු අමරසිංහ යන අය වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික කලකින් එලියට ඒවි. මත් උවදුර ගොඩ ගන්න බැරි තරමටම රටේ කිදා බැහැලා තියෙන්නේ. මොකද නීතිය ක්‍රියාත්මක කරන උදවිය වගේම නීති සම්පාදනය කරන උදවියත් හවුල් නිසා.
නිදහස් දිනයට විශේෂ සමාවක් යටතේ නිදහස් වේවි!