(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පවසති.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි සැකකරු විසින් ඔහුගේ ගමන් මල්ලේ කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 901 ක් බර මෙම මත්ද්‍රව්‍ය තොගය සෙඟවා ගෙන පැමිණ තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසාම් මොහොමඩ් අක්‍රම් නැමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද(07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, දින 07 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත යොමු කිරීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වෙලාවේ ආවේ සහෝ!
අඩු කඩන්න ඕනේ මේ වගේ අයගේ්.....
මදුෂ් ආවා. ඉතින් ඕක මොකක්ද?
හ්ම්ම් චාන්ස් එකක් ගන්න හිතාගෙන වෙන්න ඇති. ඕං ආයෙත් මානව කාරයෝ පටන් ගන්න වගේ. වයසක මනුස්සයකුට හිරි හැර කරලා කියලා කියන්න බැරි නැහැ. බලන්න මෙයාගේ වත ගොත හරියට හොයන්න . එතකොට පිට පස්සේ ඉන්න අයියලා ටික අහුවෙයි.
තව පෙළපාලි කීයක්වත් තියන්න වේවිද?