IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි දෙකක රූපලාවන්‍ය උපකරණ රේගුවේ හිරවේ

(යොහාන් භාසුර )

නීති විරෝධී ආකාරයට ආනයනය කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාමකින් යුත් සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු බහාලූම් අංගනයේ සැක සහිත බහලූමක් තුනක් පරීක්‍ෂා කිරීමේදී මෙම රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ලන්ඩන් නුවර සිට පුද්ගලයන් හත් දෙනකුගේ පෞද්ගලික භාණ්ඩ ලෙස ඒවා තිබු අඩි 20 ක බහලූමක එක් පුද්ගලයකුට අයත් පෙට්ටි නවයක රුපියල් ලක්‍ෂ 90 ක් වටිනා සුප‍්‍රසිද්ධ රූපලාවණ්‍ය ආලේපන තොගයක් සොයාගත් බවත් ඩුබායි සිට ඒවා තිබු පුද්ගලයන් 43 කගේ පෞද්ගලික භාණ්ඩ යැයි පෙට්ටි 121 ක් සහිත අඩි 40 බහලූම් දෙකක පුද්ගලයන් 7 දෙනෙක්ට අයත් පෙට්ටි 14 ක ලක්‍ෂ 120 කට අධික කාන්තා සහ ළමා පාවහන් තොගයක් සොයාගත් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

මෙම භාණ්ඩ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මක වන බවත් විමර්ශන අවසානයේ මෙම භාණ්ඩ රාජසන්තක කර දඩ පැනවන බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.



අදහස් (6)

කෝටි දෙකක රූපලාවන්‍ය උපකරණ රේගුවේ හිරවේ

Raveendra Wednesday, 28 April 2021 04:38 PM

විස පොල්තෙල්, කුණු කන්ටේනර් නොපෙනෙන රේගුවේ නරියන්ට අවුරුදු සරුවෙයි.. මේ වගේ එකක්. අල්ල ගත්තාම...

:       15       11

NaradaThursday, 29 April 2021 02:24 AM

නියමයි... හොඳ දෙයක්

:       0       1

AbaThursday, 29 April 2021 04:03 AM

නරින්ට මිදි තිත්තයි

:       0       0

Kule Wednesday, 28 April 2021 08:08 PM

රේගුවෙන් නිදහස් කරගන්න පුළුවන් කියලා ක්‍රම සහ විදි තියනවා කියලානේ ඕවා ගෙන්නුවේ....

:       0       1

එමිල් Thursday, 29 April 2021 01:43 AM

රට විරුවන්ගේ වික්‍රම

:       2       0

මුණසිංහ Thursday, 29 April 2021 01:54 AM

කෙරෝනා හොඳ කරන්න අත්‍යාවශ්‍ය දේවල් . ඒ නිසා ඉක්මණින් ඒවා නිදහස් කරන්න

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site