IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි දෙකක කේරළ ගංජා සමග ධීවරයකු අත්අඩංගුවට


(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)


ඉන්දියාවේ සිට ඩිංගි යාත්‍රාවකික් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 144 යි ග්‍රෑම් 400 සමඟ ධීවරයකු පලෙයි තාලෙඅඬි වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.

මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත ලැබුණ තොරතුරක් මත පලෙයි පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා සහිත ඩිංගි යාත්‍රාව අත්ඩංගුවටගත් බව පැවසීය.

යාත්‍රාවේ තිබී විශාල පොලිතින් මළු හතරක් තුල මෙම කේරළ ගංජා ආරක්ෂිත ලෙස සඟවා තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූයේ සැකකරු ධිවර කටයුතු සඳහා මුහුදු යන මුවාවෙන් ඉන්දියාවට ගොස් කේරළ ගංජා රැගෙනවිත් ඇති බවත් එම කේරළ ගංජා මාළු ප්‍රවාහනය කරන අයුරින් විවිද ප්‍රදේශවලට රැගෙනයාමට සූදානම්කර තිබූ බවට තොරතුරු අනාවරණයවූ බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු පලෙයි , වත්තිරායන් දකුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 පුද්ගලයකු වේ.

සැකකරු හා කේරළ ගංජා තොගය කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූපය- සිතුම් චතුරංග)

(ඡායාරූපය - රොමේෂ් මධුශංක)


 



අදහස් (2)

කෝටි දෙකක කේරළ ගංජා සමග ධීවරයකු අත්අඩංගුවට

kusal Monday, 30 March 2020 05:54 AM

මෙව්වා තමයි ධීවරයින්ගේ වැඩ... මත්ද‍්‍රව්‍ය, අවි ආයුධ ප‍්‍රවාහනය...

:       0       1

Kumari Monday, 30 March 2020 08:47 AM

පව් අහිංසකයා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site