කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පැවතියේ යැයි කියන සිදුවීමට අදාළව මෙම හඬ පරීක්ෂණය ලබා ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා පොලිස්පතිවරයා කැඳවා තිබේ.
පොලිස්පතිවරයා මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
(36698)

(ඡායාරූපය - ශාන්ත රත්නායක)
COMMENTS
නාට්‍යයේ අාපහු අලුත් කොටසක් පටන් ගන්නවත්ද..?
ඉස්සර කටහඬ පරීක්ෂණයකට එන්න කියන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩ සටහන්වලට... එ්ත් දැන් මේ .. අනේ මන්දා කටහඬ සවුත්තු ඇති. වේලපු රසකිඳ තම්බලා බිව්වොත් නම් කටහඩ ලස්සන වෙනවා එහෙමවත් කරලා බලමු...
තාම ප්‍රධාන නළු නාමල් කුමාර නිදැල්ලේ...?
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ දුරකථනයත් පරික්ෂකළා නම් නේද මේවා වල අගමුල හොයාගන්න පුළුවන් වෙන්නේ?
අලුත් නාට්‍යයක් පටන් ගන්න වගේ.
මේ ගැන වහාම සොයා බලන්න.
අනේ, ඔයාගේ මුහුණෙන්ම පෙනෙනවා මේ කටහඬ පරීක්ෂණයෙන් ඔයා පාස් කියලා. දැන් තියෙන්නේ නියමිත සිංදුව ලස්සනට ගායනා කරන්න.
අලුත්ම වාර්තාවලට අනුව මෙයාගේ කටහඬ පරික්ෂා කල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කියා තිබෙන්නේ එහි කිසිම රහක් නැති බවයි.
රටම විහිළුවක් බවට පත්කරලා
නාමල් කුමාර බොරුකාරයෙක් නම් මේ කතාව මෙතරම් දුර යයිද කියා අපට හිතන්න වෙනවා නේද?