IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටස් වෙළෙඳපොළේ කටයුතු අදත් තාවකාලිකව නවතී

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ සතියේ තෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (13) මිනිත්තු තිහක කාලයක් සඳහා අත්හිටුවීය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී  ලංකා 20 මිල දර්ශකය සියයට 5කින් කඩා වැටීම හේතුවෙන් එලෙස වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතා දැමීණි.

‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 5කින් පහළ යෑම නිසා ඉකුත් දා (10) සහ ඊයේ (12) මේ ආකාරයෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු මිනිත්තු 30කට අත්හිටුවීය.

ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.89කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 3.82කින් ද පහළ ගියේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 144.82කින් ද ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 87.72 කින් ද පහළ ගියේය.

ඒ අනුව දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 4,874.73ක් ලෙස දැක්වුණු අතර ‘එස්ඇන්ඩ්පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 2,205.97 ක් ලෙස දැක්විණි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රාග්ධනීකරණය ඊයේ රුපියල් බිලියන 2,269ක් ලෙස දැක්වුණු අතර ඊයේ එය රුපියල් බිලියන 2,333ක් ලෙස දැක්විණි.

අද වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 1,048ක් වූ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය මිලදී ගැනීම් අද දිනයේදී රුපියල් මිලියන 174ක් ලෙස දැක්වුණු අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 294ක් ලෙස දැක්විණි.

ලොව පුරා පැතිර යමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම මෙන්ම ඒ හේතුවෙන් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවලට සිදුව තිබෙන බලපෑම කොළඹ කොටස් වෙළෙඳපොළේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34.44ක් ලෙස සටහන්ව තිබූ අතර ‘ඔපෙක්’ (තෙල් අපනයන කරන රටවල සංවිධානය) වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 33.25ක් ලෙස සටහන්ව තිබිණි.

 



අදහස් (0)

කොටස් වෙළෙඳපොළේ කටයුතු අදත් තාවකාලිකව නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 271 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site