IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොටවෙහෙර දැරියට පහරදුන් ග්‍රාම නිලධාරිනියට-සුළු මවට ඇප

(ප්‍රියානි මංගලිකා)
         
කොටවෙහෙර ප්‍රදේශයේ දී 13වියැති දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට රිමාන්ඩ් බාරයේ සිටි ග්‍රාම නිලධාරිනිය සහ ඇගේ සහෝදරිය සහ  දැරියගේ සුළු මව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහරින  ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය  අද(13)නියෝග කළාය.

ඔවුන්ට ලබන 26 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසද, සිද්ධිය සම්බන්ධයෙන් දැනට ළමා නිවාසයක රඳවා සිටින අගතියට පත් දැරිය තවදුරටත් එම  ළමා නිවාසයේම රඳවා තබන ලෙසද ඇය නියෝග කළාය.

මෙලෙස ශරීර ඇප  මත මුදා හරිනු ලැබුවේ, කොටවෙහෙර , අලුත්ගම ප්‍රදේශයේ  පදිංචි ග්‍රාම නිලධාරිනිය වන ඩී.එම්.මානෙල් රත්න කුමාරි සහ ඇගේ සහෝදරිය මෙන්ම දැරියගේ සුළු මව වන ඩී.එම්.නිල්මිණි රත්න කුමාරි යන දෙදෙනාය.

සාක්ෂි කරුවන්ට, දැරියට හෝ පරීක්ෂණ කටයුතුවලට කිසිඳු බලපෑමක් නොකරන ලෙසද ,එසේ කළහොත් ඇප අවලංගු කර, යළි බන්ධනාගාර ගත කරන බවටද , සැකකාරියන්ට අධිකරණයෙන් තරයේ අවවාද කෙරිණි.

නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී එල් අමරකෝන් මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කහඳවල මහතාගේ මෙහෙයවීමෙන්, ළමා හා කාන්තා කාරියාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධිකා  ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවූහ.
         
කොටවෙහෙර පොලීසිය නඩුව පවරා තිබුණි.



අදහස් (1)

කොටවෙහෙර දැරියට පහරදුන් ග්‍රාම නිලධාරිනියට-සුළු මවට ඇප

sumith Thursday, 13 February 2020 07:49 AM

ඉවරෝ.... ඉවරෝ..., මහසෝන් මාලිඅම්මලා දෙන්න ඔන්න එලියට ආවෝ.... කොටවෙහෙරේ මිනිස්සුනේ පරිස්සමින්...

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site