(යොහාන් භාසුර)

රුපියල් කෝටියකට ආසන්න වටිනාමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රධාන කුරියර් සේවා ආයතනයක් තුළ තිබී ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශය අද (13) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

කටුනායක පිහිටි කුරියර් ආයතනයය හරහා රට තුළට ගෙන ඒමට උත්සාහ කළ පාර්සල් තුනක හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 යි ග්‍රෑම් 34 ක් සහ ග්‍රෑම් 320 ක් වෙන් වෙන්ව සොයාගත් බවත් මෙම පාර්සල් ඉතාලිය සහ ඉන්දියාවෙන් දෙමටගොඩ, කොටහේන සහ කොළඹ 07 යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනවලට එවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය පාවහන් සහ චොක්ලට්වල සුක්ෂම ලෙස සඟවා තිබූ බවත් එක් පාර්සලයක ආලේපන තොගයක් ද තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් වැඩි දුර විමර්ශන කරන බවත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දුන් බවත්ය.