
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වීදුරු ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වාහන අංගනයකදී වෙනත් ලොරි රථ වලට පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු අද (18)අලුයම අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ කහ කිලෝ 33,000ක්,කන්ටේනර් රථ 3ක් සහ ලොරි රථ හතරක් පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කන්ටේනර් තුන රේගු පරීක්ෂාවෙන් මිදී වරාය පරිශ්‍රයෙන් එළියට ආව හැටි ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න. අදාල දිනයේදී රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ගේ මීට ලොකු සම්බන්ධයක් ඇති. මහා පරිමාණයෙන් මත්කුඩු රට තුළට පැමිණෙන්නේත් මෙවන් දූෂිත නිලධාරීන් නිසයි.
ජාතියට කහ සපයන මේ ජාති හිතෛෂීන්ට රාජ්‍ය උපහාර පුදකළ යුතුයි. කහ කුඩු කළත් කහකුඩු කුඩු නෙමෙයි.
මෙවැනි අභිරහස් මාර්ගවලින් අපේ රටට ගෙනෙන දේවල්වල මොනවගේ ලෙඩ රෝග, දද, කුෂ්ඨ අරගෙන එන නිසා කිසිවෙකුත් නොදන්න නිසා පරිභෝජනයට නුසුදුසු බව හෙළිකරලා ඉක්මණින් විනාශ කළ යුතුයි. ඒ වගේම කොරෝනා නීති යටතේ මොවුන්ට දඬුවම් කළ යුතුයි..