(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ සැකකරුවකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 15 ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ඊයේ (12) රාත්‍රී 11.15 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බඩෝවිට දෙවැනි අදියර ප්‍රදේශය පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිසියට බාරදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහතා ගේ කාලේ නම් රටට ම පෙන්නලා පුචලා දැම්මා කියලයි මතක. මේ කාලෙත් කෝටි ගණන් වල ඒවා දැන් කොපමණ නම් ඇල්ලුවද "දෙයියෝ තමයි දන්නේ සිද්ධිය..." ඒවාට මොනවා වූනාද? කියලා. දැන් ඉතින් ලතිෆ් මහත්තයත් ඒවා ප්‍රදර්ශනය කරන්න නැහැ නේ.