
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් කෝටි තුනක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 4දෙනෙකු අද(2) අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග කොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 72, රන් භාණ්ඩවලින් කොටසක්, මෝටර් රථයක් හා යතුරුපැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
469
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාන කොල්ලයට 4ක් අත්අඩංගුවට
kule Friday, 02 October 2020 07:55 AM
අත්පිට මුදලට ගණුදෙණු කිරීමේ සීමාව රුපියල් 10000 කරලාඊට වැඩි බැංකු ගණුදෙණු කාඩ්පත් මගින් ගෙවීමටDනීති ගෙනෙන්න. විසඳුම් රැසක් සහන රැසක් රජයට ලැබෙනවා.
RaveendraFriday, 02 October 2020 09:11 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය.
විජිත් Friday, 02 October 2020 03:47 PM
කුලේ , ඔබගේ අදහස ඉතාමත් හොඳයි, නිවැරදියි. නමුත් අපේ රටේ ඉලෙක්ට්‍රෝනික සන්නිවේදනයට තවමත් යටිතල පහසුකම් 100% ම නැහැ. ටික ටික තමයි දියුණුව කරා ගාටමින් යන්නේ. එකක් ආර්ථිකයේ දුප්පත්කම. ඊට වගකියන්න ඕනෑ හොර දේශපාලුවන්. අනික තාක්ෂණික දුප්පත්කම. අවශ්‍ය තාක්ෂණයත් සමගම යාවත් කිරීම්වලට අවශ්‍ය උපකරණ මෙන්ම නවීනම දැනුමෙන් අප තවමත් සිටින්නේ දියුණු රටවල්වලට වඩා බොහෝ පිටුපසින්... දැනට මුළු මුදල් පද්ධතියම ඉලෙක්ට්‍රෝනික කාඩ් මත හුවමාරු කරන්නේ ස්වීඩනය පමණයි. දැන් එහෙ ක්‍රෝන මුදල් භාවිතා වන්නේ නැහැ. රැකියාවේ පඩිය කෙලින්ම බැංකුව හරහා කාඩ් එකට යනවා. භාණ්ඩ මිලදී ගනිද්දී කාඩ් එක පාවිච්චි කරනවා. කාඩ් එකකින් තව කාඩ් එකකට මුදල් යවන්න පුළුවනි. මුදල් කාසි ඉවරයි. ස්වීඩනය මේ ක්‍රමයට යොමුවුණේ මුදල් දූෂණ නැවත්වීමටයි. දැන් කාටවත් සල්ලි හොරා කන්න බැහැ. කාඩ් එකෙන් කෙරෙන සියලුදේම සටහන් වෙනවා. කළු සල්ලි තියාගන්න බැහැ. අහුවෙනවා. මට ස්ථිරයි අපේ රටේ කවදාවත් මේ ක්‍රමය කරන්න කිසිම රජයක් උත්සාහ ගන්නේ නැහැ. ඒ කිසිවක් නිසා නොව දේශපාලුවන්ට හොරා කන්න බැරිවෙන නිසයි...
RaveendraFriday, 02 October 2020 04:53 PM
ඔබගේ නිරීක්ෂණ ඉතාමත්ම නිවැරදිය. අප රටේ එක තැන පල්වෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන මෙය පිළිබඳව කතාකිරීමටවත් අදාළ අංශ අකමැතිය.
kamalSaturday, 03 October 2020 02:54 AM
ලංකාව අද යන්නේ දියුණු රටවල් අතහැර දාපු දියුණුව සොයාගෙනයි.
Peter Friday, 02 October 2020 09:01 AM
ගොඩක් දියුණු රටවල් දැන් සල්ලි කොළ පාවිච්චි කරන්නේ නෑ. ඔක්කොම ඔන්ලයින්...
Prabha Friday, 02 October 2020 09:41 AM
ඒ රටවල පොලී මුදලාලිලා නෑනේ