
(කටුනායක ටී.කේ.ජී.කපිල )
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් එන්නත් මාත්‍රා 10,700ක අද ලබා දුන් බව කටුනායක ආයෝජන මණ්ඩල ප්‍රකාශයෙක් පැවැසීය.
ශ්‍රී ලංකා යුද හමුදාව මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරයි.
එම එන්නත්කරණ වැඩසටහන කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි අයි.සී.එල් ,ස්මාර්ට් ෂර්ට්ස් , ඒ.ටී.ජී. සහ යූ.ටී.පී. යන කර්මාන්තශාලා පරිශ්‍රයන් තුළ දී සිදු කෙරුණි .
වයස අවුරුදු 18 ට වැඩි , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සියලු සේවක සේවිකාවෝ මෙම එන්නත් කරන වැඩසටහන සම්බන්ධ වූහ.
එමෙන්ම මීට පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් 5,300 දෙනෙකුට ද නිදහස් වෙළෙඳ කළාප සෞඛ්‍ය නිලධාරීන් එන්නත් ලබා දී තිබුණි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ දෙයක් කරලා තියෙන්නේ... මෙම එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොරෝනා පොකුරු නිර්මාණය වෙන එක වළක්වාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.