(මනෝජ් හර්ෂික)
කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(02) පැවැසීය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරයින්ට හා දේශීය මගීන්ට කොළඹ නොගොස් දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත්‍රීකුණාමලය වැනි ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව මේ තුළින් පවතින බවද අමාත්‍යවරයා එහිදී කීය.
නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට සඳහා ඇති හැකියාව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බලමින් සිටින බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම අපේක්ෂා කරන දේවල් සිද්ද වුනානම් ඇමතිතුමෝ මෙලහකට අපේ ක්‍රිකට් ටීම් එක 1996 න් පස්සේ ඔක්කොම ලෝක කුසලාන ටික අරගෙන ... අපේක්ෂා කරන දේවල් නිවුස් වෙන එක තමයි ලොකුම පුදුමේ ... හැමදාම තියෙන්නේ කරලා ඉවර වුන දේවල් නෙමෙයි අපේක්ෂා කරන දේවලුයි . දැන් මෙතුමා හිතන්නේ ලංකාවට සුද්දෝ එන්නේ ගුවන් තොටුපොලෙන් බැහැල කොළඹ නොගිහින් කෝච්චිවල වෙන පැතිවලට යන්න කියලද ? මොනවටත් කලින් අන්න අර මිගමුව සන්වර්දනයක් කරපල්ලා . පැය ගානක් ප්ලේන් එකේ ඇවිත් ගුවන්තොටුපොලෙන් බැහැල ලංකාවේ කොච්චි වල නැගල තවත් පැය ගණන් රස්තියාදුවෙන්න සුද්දෝ එන්නේ නැහැ . උන්ට ඕන ප්ලේන් එකෙන් බැහැල ලඟම තැනක රෙස්ට් කරන්න .
ආ.. මේ..ඉදිකරන්න අපේක්ෂකරනවා. මමහිතුව ඉදිකරනවා කියල. චන්ද කිට්ටුවෙන්කොට පරදියි කියන බයට ඔයවගේ අපේක්ෂා පහළවෙනවා. ඉස්සර මැච් පරදින්න ලන්වෙද්දීත් ඔහොම විකාරරුපි අපේක්ෂා පහලවුන නේද?
පහුගිය කාලෙ දඹුල්ලටත් රේල්පාරක් හැදුව වගේ මතකයකක් තියෙනවා
කරන්න තිබුන රට පාලනය කල දැනට පාලනය කරන අයගේ මුදල් අපහරණය නැවැත්තුව නම් මහා බැංකු වංචාවේ මුදලින් මුළු රටේම මාර්ග නවීකරණය දියුණු කරන්න තිබුන
රටතුල අළුත් දුම්රිය මාර්ග සකසන මේ කාලයේ 1970 ත් 1977 ත් අතර පැවති සමගි පෙරමුණු රජය විසින් වසා දැමූ කැළණිවැලි දුම්රිය මාර්ගයත් නැවත ඉදිකිරීමට පියවර ගන්නේනම් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් දුම්රියක යන්න වාසනාව ලැබේවි.
තව දුම්රිය මාර්ග අවශ්‍ය නැහැ. තියන ඒවා කාර්යක්ෂම කලාම ඉවරනේ. අනෙක ඒ අයට රාගමට එන්න පුළුවන්නේ කොළඔ එන්නේ නැතිව.
තව දුම්රිය මාර්ග අවශ්‍ය නැහැ. තියන ඒවා කාර්යක්ෂම කලාම ඉවරනේ. අනෙක ඒ අයට රාගමට එන්න පුළුවන්නේ කොලොන්බා එන්නේ නැතිව.
අලුතින් දුම්රිය මාර්ග , අදිවේග මාර්ග උවමනා වෙන්නේ දකුණේ අයට පමණයි.
සහෝදරවරුනි ... මේ චන්ද ගුණ්ඩු මුදා හරින කාලයයි .. ඇති තරම් හිනා වෙන්න ..නමුත් චන්දය නිවැරදි ව භාවිතා කරන්න ..කරුණා කරලා 70 වසරක රැවටීම් වලට තව 5ක් එකතු කර ගන්න එපා ....
මිනුවන්ගොඩට දුම්රිය නැහැ එකයි , මුලික හේතුව ,ගමට වැඩක් කරන්න
මමනම් හිතන්නේ නෑ විදේශිකයෙකු දීර්ග ගුවන් ගනමකින් පසු කෙලින්ම බදුල්ල යාපනයට අපහු දුම්රියේ යයි කියල. අඩුගානේ ඔවුන්ට අන්තර්ජාලයෙන් ආසනයක් වෙන්කරගන්නවත් පහසුකමක් තියෙනවද ලංකාවේ ??? බිම් මට්ටමින් ප්‍රශ්න අවබෝධ නොකර සොයන පිළිතුරු තාත්වික නෑ. ඕක හොඳයි වේයන්ගොඩ ඉඳන් කටුනායක වැඩට එන අපේ මිනිස්සුන්ට.
චන්ද කාලයට ඇමති ගොල්ලෝ හරිම කර්යක්ෂමය්. වචන නැතිව ක්‍රියාව තමයි වැදගත් වන්නේ .
දුම්රියමාර්ග ඉදිකරීමට පෙර ඔලමොට්ටල දුම්රිය වර්ජකයන් හා දුම්රිය සේවක සංගම් නවතා දැමීමට කියා කරනු ! එවිට විදෙසිකයෝ පමණක් නොව දේශීය සංචරකයොත් වැඩියන් දුම්රියෙන් ගම්න්ගනු ඇත. සියලුම දුම්රිය මගීන්ගේ විස්වාසය වැඩිවනු ඇත. ඉන් පසුව නව මාර්ග ඉදි කිරීමට කියකරනු!
යහපත ට හිතන්න හිතක් නොමති .කුහකම තිබෙනකන් රට හදන්න සක්කරයටත් අමාරුයි
මේ යෝජනාව ඉතාම සුදුසු කාර්යයක්. කෙසේ හෝ මෙය ඉටුවෙනවා දැකීම අපගේ බලාපොරොත්තුවයි. ඒ කාලේ හම්බන්තොට පැත්තේ පලක් නැති වැඩ කරන කොට මේවගේ කතා කවුරුවත් කිව්වේ නැත්තේ සුදු වැන් වලට තිබුන භය නිසාද ?
වර්ජන නොමැති විස්වාසනීය සේවයක් ඇති කිරීම තුලින් හා දැනට තිබෙන සම්පත් හා දුම්රිය මාර්ග සංවර්ධනය කර, අදායම වැඩිකර දෙවනුව නව මාර්ග ඉදි කිරීම කරන්න.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත්ව ඇති තත්වය ගැන අපේ සංවේගය.
මොකක් හරි දුම්රිය පාරක් කියන්නේ රටට යහපතක්. කැලණිවැලි පාර නැවතත් රත්නපුරට දමනවා නම් නියමයි. අවාසනාවට පහුගිය කලේ පාර තිබුණු ඉඩම් නිකම් බෙදල දීලා දැම්මා දේශපාලුවෝ. නැවත අත්පත් කරලා හරි පාරට දැම්මොත් සියගණන් බස් දුවන්න ඕනේ නැහැ.
මැදවච්චිය - තලෙමන්නරම් , මැදවච්චිය - යාපනය , ගල්ඔය - මඩකලපුව , ගල්ඔය තිරිකුණාමලය , යන දුම්රිය මාර්ගවල දිනකට ධාවනය දුම්රිය ගණන කීයද ?
ඔය ඔක්කොටම කලින් දුම්රිය මැදිරිවල වැසිකිළිවල මලපහ එකතු කරන්න සහ ආරක්‍ෂිත ලෙස බැහැර කරන්න ක්‍රමයක් හදන්න. ඔක්කොම ජරාව රේල් පාර දිගේ! කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා!